india-single-wedding

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ වඩෝදර සුභාන්පුර ප්‍රදේශයේ පදිංචි තරුණියක විවාහවීමට ගත් තීරණයක් දැඩි කතාබහකට ලක්ව ඇති අතර ඇයට එරෙහිව එම සමාජයෙන් විරෝධයක්ද එල්ල වී තිබෙයි. 

24 හැවිරිදි ෂාමා බින්දු නමැති ඇය ජුනි 11 වැනිදා විවාහ වීමට නියමිත බව දන්වා ඇරයුම් පත් යවා ඇති නමුත් සහායකයෙකු නැති ඇයගේ විවාහය මේ වන විට සාකච්ඡා වෙමින් පවතී. කාරණය නම් ෂාමා විවාහ වීමට යන්නේ ඇයවමයි. ඇය පවසන්නේ ඇයගේ විවාහ මංගල්‍යය ඉන්දියානු සම්ප්‍රදායට අනුව චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදුවනු ඇති බවයි, ඇයට මනාලයෙකු නොමැත. මෙම විවාහය ගුජරාටයේ පළමු ස්වයං විවාහය ලෙස හැඳින්වේ. "මට කවදාවත් කසාද බඳින්න ඕන වුණේ නැහැ. ඒත් මට ඕන වුණේ මනමාලියක් වෙන්න. ඒ නිසා මම මාවම විවාහ කරගන්න තීරණය කළා" ශාමා බින්දු පැවසුවාය. සමහර විට අපේ රටේ ආත්ම ප්‍රේමයට උදාහරණයක් දුන් පළමු ගැහැණු ළමයා මම විය හැකිය. ඇය පැවසුවාය.



වඩෝදර නගරයේ භාරතීය ජනතා පක්ෂයේ උප සභාපතිවරයා මීට විරෝධය පළ කර ඇති අතර පවසා ඇත්තේ මෙම තරුණියගේ විවාහය වඩෝදර නගරයේ කිසිදු විහාරස්ථානයක මහාදේව් කෝවිලේ පවා සිදු නොකළ යුතු බවයි.
මෙම විවාහය ඉන්දීය සංස්කෘතියට හා හින්දු ආගමට පටහැනි බව ඔහු පවසයි.



වඩෝදර සුභාන්පුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන ෂාමා බින්දු විකෘති මානසිකත්වයක් ඇති කාන්තාවක බව විරෝධය දක්වන්න පවසා ඇත. මෙය පන්සලේ ඇදහිල්ලට හානි වෙන ක්‍රියාවක්. මෙය විවාහයක් නොව සමාජයේ දරුවන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියාවකි.හින්දු විරෝධී ක්‍රියාවකි. යනුවෙන් චෝදනා ගොනුවී ඇත.
කෙසේ වෙතත ශාමා බිංදුගේ දෙමාපියන්ද තම දියණියගේ තීරණය ගැන සතුටුවී ඇත.
මිනිසුන්ට මෙවැනි විවාහයක් නුසුදුසු යැයි සිතිය හැක, නමුත් අපට කියන්නට අවශ්‍ය වන්නේ කාන්තාවන් ද වැදගත් බවයි. ඇය ආදරය කරන පුද්ගලයා විවාහ කර ගනී. මම මටම ආදරෙයි ඒ නිසා මම ස්වයං විවාහ වෙන්න යනවා.ඇය කියනවා. ඇයට අපි ඉඩ දෙනවා. ඔවුන් දන්වා ඇත. විවාහයෙන් පසු ෂාමා සිය මධුසමය සඳහා ගෝව තෝරාගෙන ඇති අතර එහිදී ඇය සති දෙකක කාලයක් රැඳී සිටිනු ඇත.