irangani-serasinghe-birthday-95

ප්‍රවීණ නිළි අයිරාංගනි සේරසිංහ මහත්මියගේ 95 වන ජන්ම දිනය ඊයේ (09) දිනට යෙදී තිබු අතර එය සැමරීම සදහා ඇය වාසය කරන නාවල පාසල් මාවතේ නිවසට කලා ශිල්පීන් රැසක් එක්ව තිබුණි.
  ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් හා ඇය සමග තවත් නාට්‍ය වලට එක්වූ චාන්දනී සෙනවිරත්න, ප්‍රියා රණසිංහ, නිල්මිණී තෙන්නකෝන්,දීපානි සිල්වා, යශෝධා විමලධර්ම, චන්න පෙරේරා ඇතුළු නළු නිළියන් හා නිෂ්පාදිකා සන්ධ්‍යා මෙන්දිස් මෙන්ම මහාචාර්ය තිස්ස විතාරණද මෙම අවස්ථාවට එක්ව තිබුණි.
ඇය කපන ලද උපන්දින කේක් එකෙහිද දූදරුවෝ රූපසරසා තිබුණි.