පාෂාණිධාතු විද්‍යාව පිළිබද එක්සත් ජනපද සහ පාන පර්යේෂකයන් පිරිසකට ජපානයේ තිබී නව ඩයිනෝසර වීශේෂයක පොසිල කොටස් හමුවී ඇතැයි වාර්තා වෙයි. ක්‍රිටේෂීය යුගයේදී එයට උතුරු දිග හොකයිඩෝ දූපත් ආශ්‍රිතව මෙම ඩයිනෝසර සතුන් ජීවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. Paralitherizinosaurusjapanicus යන විද්‍යාත්මක නාමයෙන් මෙම සත්ව විශේෂය. හදුන්වා දී තිබේ. මෙම විශේෂයේ ඇති සුවිශේෂත්වය වන්නේ අඩු හා සමාන පෙනුමක් ගත් ඔවුන්ගේ නියපොතු බව පර්යේෂකයන් පවසයි. අදින් වසර මිලියන 66ත් - 145ත් අතර කාලයකට පෙරාතුව ආසියාව පුරා මෙම ඩයිනෝසරයන් වාසය කරන්න ඇතැයි පැවසෙයි.
මෙම ඩයිනෝසරයන් මූලිකවම ශාක භක්ෂක ඩයිනෝසරයන්ගේ වර්ග කෙරෙන therizinosaurs නම් කාඩයකට අයත් බවද සදහන් වෙයි. මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන පර්යේෂණයට දායක වූ මහාචාර්ය අති පිඹිරි, “මෙම ඩයිනෝසරයන් තමන්ගේ මේ නියපොතු ආහාර රැස් කරගැනීමේ උපාංග ලෙස භාවිත කර තිඛෙනවා. ඒවා මගින් ඔවුන් පෙදුරු සහ පලතුරු ගෙඩි යනාදිය තමන්ගේ මුවට ලකරගෙන තිබෙනවා.
2008 වසරේදී ස්තාන වෙරළ ආශ්‍රිතව ප්‍රථම වරට මෙම පොසිල හමුවූ අතර, මේ දක්වා එම පොසිල සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කෙරිණි. එසේම එතෙක් මෙතෙක් ආසියානු රටකින් හමුවුණු වඩාත් ලාබාලතම therizinosaurs පොසිලය බවටත් මෙය සැලකෙයි. පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට මෙම ඩයිනෝසරයා ගොඩබිමදී මියගොස් මෙලෙස සාගරය වෙත ගසා ගෙන ගොස් ඇත.
0 Comments