පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මැයි 09 වනදා සාමකාමී විරෝධතාවන්ට පහරදීමට පිරිස් පෙළැඹවීම ගැන අවශ්‍ය සැකකරුවෙකු බවට පත්ව සිටියත් දිගින් දිගටම පොලිසිය හා අධිකරණය මගහැරි අතර අද දහවල් අධිකරණය දන්වා සිටියේ රෑ 8 ට පෙර භාර වන ලෙසයි. ඒ අනුව ඔහු අද සවස අධිකරණයට භාරවී තිබෙයි.
පොලිසියට නොගිය ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ පෙනී සිට ඇති අතර භාරවීමෙන් අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙයි.
ඔහුගේ සගයන්ට මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මෙම සිද්ධිය නිසා සිරගතව සිටින්නට සිදුවූ නමුත් ඔහු විශේෂ ලෙස හැසිරෙමින් සිද්ධිය හමුවේ පොලිසිය මගහැරියේය.
ඔහු ජනපතිට හා අගමැතිට සමීප අයෙකු ලෙස බලවන්තයෙකු ලෙස මවාගෙන සිටි ප්‍රතිරූපය නිසාදෝ පොලිසිය ඔහුව පහසුවෙන් අල්ලන්ට හැකියාව තිබුණත් එසේ කර තිබුනේ නැත.
පසුව ඔහු තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකන්නැයි තර්ක රහිත රිට් ආඥාවක් වෙනුවෙන් නීතීඥයින් මෙහෙයවූ නමුත්
මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඔහුව අල්ලන ලෙස වරෙන්තුවක්ද ඊයේ නිකුත් කළ පසු අද අභියාචනාධිකරණය ඔහුගේ පෙත්සම විභාග නොකර 8 ට පෙර භාරවන්න යයි දන්වා තිබුණි. ඒ අනුව තිලිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ භාරවී තිබේ. බලවත් අයගේ 'මයිලකට පොලිසියට අත තියන්න බැහැ' යන්න ජොන්ස්ටන් ප්‍රනාන්දු පළ කළ ප්‍රකට අදහසකි. ඔහු නීතියට අධිකරණයට සාධාරණ ලෙස හිසනමන්නට බොහෝ සේ අදිමදිකරන ඒවා ලජ්ජාවට හේතුවේයයි විශ්වාස කරන පුද්ගලයෙකු බව මෙම සිද්ධිදාමය තුළින් ප්‍රකට කෙරිණි.
0 Comments