kalutara-tense-situ-petrol-shed

කළුතර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක නොසන්සුන්කාරී තත්වයක් වාර්තාවේ. කළුතර මීගහතැන්න පැලවත්ත ඉන්ධන හලේ දින 4කට පමණ පසු එම ඉන්ධනහලට පැට්‍රල් සහ ඩීසල් ඉන්ධන ලැබී ඇති අතර ප්ලාස්ටික් බූලි කිහිපයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඒවාට ඉන්ධන බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරියෙක් එය වළක්වා ඇත.


එම අවස්ථාවේදී ආරක්ෂාවට සිටි හමුදා සෙබළකු ද එම ස්ථානයට පැමිණි  ඇති අතර ඉන්ධන බලහත්කාරයෙන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට හිතවත් පිරිසක් ආරක්ෂක අංශ සමග ආරවුලකට මුලපුරා තිබේ. එම අවස්ථාවෙහි
ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී අහසට වෙඩි තබා එය වැළැක්වීමට සිදුව තිබේ.


පිරිසක් ඉන්ධනහලට ගිනි තැබීමටද උත්සාහ කර ඇති බවද වාර්තාවේ.
සිද්ධිය මේවනවිට සමථයකට පත්ව ඇත. කෙසේ වෙතත් පිරිස් පාලනයට ස්ථානෝචිත නුවණින් ආරක්ෂක අංශ ක්‍රියාකර ඇති බවත් පිරිස සමග කලහයකට නොයා තත්වය පාලනය කළ බවත් පොලිසිය පවසයි.