kelani-river-boy-death-mother-murder

පෙරේදා (15) රාත්‍රි හතට පමණ හේකිත්ත කදිරාන පාලම මත සිට 5 හැවිරිදි දරුවකු කැලණි ගඟට විසි කර මවද ගඟට පනින්න උත්සාහ කළ සිදුවීමක් වාර්තා විය. මෙහිදී දරුවා එපා එපා කියා කෑ ගසමින් සිටියදී ප්‍රදේශවාසීන් කලබලය දැක ඇති අතර දරුවා අතාරින්නට පෙර බේරාගන්නට බැරි වුණත් දරුවා ගඟට දැමූපසු මව ගඟට පනින උත්සාහය වළක්වාගන්නට පිරිස සමත් විය.
ජීවත්වීමේ අපහසුතාව මත දරුවා ගඟට විසි කළ බව කාන්තාව පොලිසිය වෙත පවසා ඇත.
මෙම කාන්තාවගේ පළමු විවාහයේ සැමියා අතහැර ගොස් ඇති අතර දෙවන විවාහයේ සැමියා රිය අනතුරකින් මියගොස් ඇත.
කාන්තාව ආබාධිත තත්ත්වයේ පසුවන්නියකි. ඇයගේ වැඩිමහළු දරුවා ඥාතියකුගේ නිවසේ හැදී වැඩෙන බව පොලිසිය හෙළි කරගෙන ඇත. මීට පෙර වැඩිමහල් දරුවා මරන අදහසකින් මව වැඩිපුර බෙහෙත් පොවා තිබූ සිදුවීමක්ද වාර්තාවී ඇති අතර එම දරුවා රෝහල් ගත කර සිට පසුව දිවිබේරාගෙන තිබේ.
ගඟට විසි කර ඇත්තේ වයස පහක් වන කෂ්මික ප්‍රභාෂ්වර නමැති පිරිමි දරුවෙකි.

දරුවා ගේ ඝාතනය නිසා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව වත්තල, තිඹිරිගස්යාය, හරස්පාර ප්‍රදේශයේ පදිචිකාරියකි. ඇය  වත්තල තිඹිරිගස්යාය පාරේ පදිංචි ප්‍රණවිදානන් ඥානකලා නමැති 42 හැවිරිදි දමිළ කාන්තාවකි.
මෙම පස් හැවිරිදි දරුවා ඇයගේ දෙවන විවාහයේ බවත්, දෙවන විවාහයේ සැමියා  2021 වසරේ සැමියා මියගිය පසුව දරුවන් ඇති  දැඩිකර ඇත්තේ ඇයගේ මල්ලි බවත්,  මල්ලී රැකියාව කර උපයාගන්නා මුදලින් ඔහුගේ මව මෙන්ම මෙම සහෝදරිය සහ ඇයගේ දරු දෙදෙනා රැක බලාගෙන ඇති බවත් ඇය පොලිසියට පවසා ඇත.
දරුවන් මරා දමන්නට තමා උත්සාහ කළේ අගහිඟකම් නිසා බව කියා සිටියත් ඇය සඳහන් කරන තරමේ විශාල අඟහිඟකම් එම නිවෙස් නොමැති බවට පොලිසිය කළ පරික්ෂණයේ දී  අනාවරණය කරගෙන ඇත.  මෙම කාන්තාව උකුළු ඇට බද්ධ කිරීමේ සැත්කමක් කර අත්වාරුවක් ආධාරයෙන් ඇවිදිමින් සිටි බව ද පොලිසිය කියයි.

ඇය අපස්මාරය රෝගයෙන් හා කිසියම් මානසික ව්‍යාකූල තත්වයකින් පෙළෙන බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. මානසික ව්‍යාකූල තත්වය හේතුවෙන් ඇයට නිතර නිතර කේන්ති යන බවත් නිවැසියන් සමඟ නිතර නිතර බහින් බස් වන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය වූ අවස්ථාවේ ඇය දරුවාට බෙහෙත් ලබාදීමට යැයි පවසා නිවසින් පැමිණ මෙලෙස දරුවා ඔසවා කැලණි ගගට දමා ඇති අතර, අත්වාරුවෙන් ගමන් කිරීම නිසා ඇයට එකවර ගගට පැනීමට අපහසුවී ඇති නිසා දරුවා මුලින් ගඟට දමනු අවට සිටි පිරිස් විසින් දැක එම ස්ථානයට දිව යමින් සිටිය දී කාන්තාවද පාලම මතට නැග ගඟට පැනීමට සූදානම් වූ අවස්ථාවේ අවට සිටි පිරිස ඇයට පහර දී එය වළක්වා ගෙන ඇත.   ගගට දැමූ දරුවාගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර නාවික හමුදාව හා පොලිසිය එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.