kk-dies-colcota

90 දශකයේ බොලිවුඩ් රසිකයින්ගේ මුවග නිතර රැඳි ගීත රැසක උරුමකරුවා වන ජනප්‍රිය ඉන්දීය පසුබිම් ගායකයෙකු සහ ගීත රචකයෙකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නත් (KK) කොල්කටා හි අඟහරුවාදා ප්‍රසංගයක් පවත්වන අතරතුර හෘදයාබාධයකින්  මිය ගියේය. චිත්‍රපට සහ රූපවාහිනී සම්මාන 300කට වඩා ලබා ඇති ඔහු මියයන විට ඔහුගේ වයස 53 කි.දෙදරු පියෙකු වන ඔහුට සිටින්නේ පුතෙකු සහ දියණියකි.

 කේකේ යන ආදර නාමයෙන් ප්‍රකට ඔහු ප්‍රසංගය පවත්වන අතරතුර දන්වා ඇත්තේ තමාට අධික සීතලක් දැනෙන බවත් නැවත හෝටලයට යාමට අවශ්‍ය බවත්ය. පසුව ඔහු කල්කටා වෛද්‍ය පර්යේෂණායතනයට රැගෙන ගිය අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව ප්‍රකාශ විය.

ක්‍රිෂ්ණකුමාර් කුන්නත්  1990 ගණන්වල මැද භාගයේදී ‘වාණිජ ජිංගල්‘ නිර්මාණය කරමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.වෙළෙඳ දැන්වීම් සඳහා පසුබිම් ගායකයෙකු ලෙසද ඔහු වඩාත් ප්‍රකට විය.
1999 හි Pal සහ 2008 හි Humsafar නමින් KK විසින් ස්ටුඩියෝ ඇල්බම යුගලයක් නිකුත් කරන ලදී .ඔහු ඉන්දියානු අයිඩල් ජූනියර් සහ ෆේම් ගුරුකුල් යන ගායන තරඟ මාලාවේ විනිශ්චයකරුවෙකු ලෙස ද පෙනී සිටි අතර MTV Unplugged India හි 2014 කථාංගයක රඟපෑමටද එක් විය.
සම්මාන රාශියකින් පිදුම් ලැබූ පසුබිම් ගායකයෙකි.