kosgama-girl-missing

කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලීසිය පවසයි. කොස්ගම, සාලාව ජීවනී කාවින්දි නමැත්ති දැරියක මෙසේ අතුරුදන්ව  ඇත.  සිය දියණිය අධ්‍යාපන ලබන බොරලුගොඩ සිද්ධාර්ථ  කනිෂ්ඨ විදයාලයේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් (05) උදෑසන 8.00 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නැවත ඇය නිවසට නොපැමිණීම නිසා පොලිසියට පැමිණිලි කර තිබේ.එහිදී දැරිය ශ්‍රමදානයට සහභාගි වූවාදැයි දැරියගේ මව පාසලෙන් විමසා ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ  දැරිය ශ්‍රමදානයට සහභාගි   වී නොමැති බවයි.

පසුව අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි දැරියගේ යෙහෙළියකගෙන් විමසීමේදී ඇයගේ ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බැවින් එය සොයාගෙන නැවත නිවසට පැමිණෙන බවට පවසා ඇතැයිද පැවසේ. එහෙත් දැරිය එදින රාත්‍රියේ නිවසට නොපැමිණීම නිසා යළිත් වරක් අතුරුගිරිය ප්‍රදේශයේ දැරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තද එම ජංගම දුරකථනයද අක්‍රිය වී ඇති බව දැරියගේ මව පැවසුවාය. දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කොස්ගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර දැරිය පිළිබද තොරතුරක් ඇතොත් කොස්ගම පොලීසියට දැනුම් දෙන ලෙස මව ජනතාවගෙන් ඉල්ලා සිටියි.