පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ කීය.
"අපිට අසල්වැසි රටක් වන ඉන්දියාවෙන් එදිනෙදා ජන ජීවිතය ගෙන යන ආධාර ලැබුණා. ඉන්දියානු නියෝජිතවරු ආපු ගමන් පැය විසි 24ක් යන්න කලින් දෙන ආධාර ගැන ඔවුන් ප්‍රකාශ කළා. නමුත් මේ වෙලාවේ වෙනසක් තියෙනවා. ඉන්දියාවේ නියෝජිතයන් විවිධ දේ සාකච්ඡා කළත් ඉදිරියට දෙන ආධාර ගැන වචනයක්වත් නැහැ. ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඉන්දියාවේ මූල්‍ය මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන කියලා. වෙනදා වගේ නෙමෙයි.
වෙනදා ආපු නිලධාරීන් කිව්වා අපි ඉදිරිට මේ වගේ උදව් කරනවා කියලා. නමුත් මේ අවස්ථාව කිවේ මූල්‍ය මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් දෙන්න ඕන කියලා .ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාරවලට, මුදල්වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න කියලා. බලාගාර කිහිපයක්, ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අධිබලැති විදුලි ලබාදෙන ස්ටෝලයක් වගේම අලුත් ඉල්ලීම් කිහිපයක් කරලා තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබාදෙන්න කියලා තිබුණා. භයානකම දේ තමයි ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබාදෙන්න කියලා. එහිදී වරායත් අනිවාර්යෙන්ම ඒකට එකතු වෙනවා. මේක භයානක තත්වයක්. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කරන්න කොටස් දෙකක් ඉල්ලලා තියෙනවා. ඉතාමත් පැහැදිලියි මේ ආයේ ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ මරමස්ථාන ඒ අය සත්තක කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා.
උදව් කෙරුවට. නමුත් මේ උදව් පිළිබඳ තියෙන්නේ මොකක්ද කියන එක ඉතාම පැහැදිලියි. ත්‍රිකුණාමල වරාය අවට ඉඩම් ඒ අයට ලබාදුනොත් වරායත් ඒ ඉඩම් ඒක ඒ අයට සතු වෙනවා. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඇත්ත වශයෙන්ම මේ රජය බලයට පත්වුණේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. නමුත් අපි දන්නවා හම්බන්තොට වරාය චීනයට දීලා, කොළඹ වරාය චීනයටයි ඉන්දියාවටයි කඩකඩ කොටස් දෙකකට දීලා,හම්බන්තොට වරායත් ඉන්දියාවට දෙන්න යනවා නම් අපේ ස්වාධීනත්වයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. තෙල් ටැංකි දෙනකොටත් අපි පාර්ලිමේන්තුවේ කතා කළා. වරායයි ඉඩම් ටිකයි.දෙනවානම් පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ මේ තත්වය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ කාලය තුළ ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව අපේ රජයට විරුද්ධව බැඳුම්කරයක් සම්බන්ධව නඩු දාලා.
ඒ නඩුවේ සටහනක් තියෙනවා රාජපක්ෂවරු විවිධ ස්ථානවල ශ්‍රී ලංකා රජයට අයත් මුදල් මේ මේ ස්ථානවල තැන්පත් කරලා තියෙනවා කියලා. ඒක අපිට විශාල ලැජ්ජාවක්. මීට කලින් අපේ රටට විරුද්ධව කිසිම උසාවියක පාලකයන්, පුද්ගලයන් නම් කරලා, රටවල් නම් කරලා, බැංකු නම් කරලා අධිකරණයේ නඩුවක් වැටුණේ නැහැ. අද ලෝකයේ මතයක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජයට උදව් කරනවා කියන්නේ රාස්පක්ෂලා ගොඩදාන එක කියලා. රාජපක්ෂ රජය කබීරාදාගෙන කළේ ඔය වැඩේ වෙන කිසි දෙයක් නෙමෙයි. නීති විරෝධී විදියට අපේ රටේ සම්පත් විවිධ බැංකුවල තැත්පත් කරලා තියෙන බව සනාථ වෙලා තියෙනවා ඇමෙරිකාවේ ඒ නඩුවයි මහා බ්‍රිතාන්‍යයේ හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයයි. තුළ, අද ලෝකේ මතය ශ්‍රී ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දැමීමක් කියලා”
0 Comments