litro-chairman-muditha-peris-speaks

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් අද සිය තනතුරේ වැඩභාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට පැවසුවේ තමන් භාරගත්තේ හිස් මුහුදක් බවත් පැමිණීමට නියමිත ගෑස් නැවෙන් පසු එකම ගෑස් නැවක් හෝ දින වකවානුව අනුව සැලසුම් කර නැති බවයි.
මෙම වගකීම් විරහිත කළමනාකරණය අර්බුදයේ පීඩනය තවතවත් වැඩි කර ඇතැයිද පැවසීය.
පවතින දුෂ්කර තත්වය පෙර අයගේ නිර්මාණයක් බවත්තමන් වැඩ භාරගෙන සියල්ල පියවරෙන් පියවර කළ යුතු නිසා ගෑස් නෞකා ගෙන්වා ගැනීමේ මූලික කටයුතු සම්පාදනයට අවම වශයෙන් තව දින 14 ක් ගතවනු ඇතැයි කල්පනා කරන බවයි.

“මේ තියන තත්වය අනුව ෂිප්මන්ට් එකක් කියන්නෙ ඉතා සුළු ප්‍රමාණයක්.  ඒ  ප්‍රමාණයෙන්  මේ තියන
විශාල අර්බුදය විසඳන්න බැරිවෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. “ ඔහු හැඟුම් බරව පැවසීය.



“ඉදිරි දින 14ක කාලය තුළ ගෑස් නැව් කීපයක් ගෙන්වන්න පුලුවන්ද කියලා අපි බලනවා. ඒකෙ  අමාරු කම දැනගෙනමයි මේක බාර ගත්තෙ.  ගෑස් අර්බුදය විසඳන්න පුලුවන් නායකත්වය
ලිට්‍රෝ ගෑස් සමාගමට දෙන්න මට පුලුවන් කියන විශ්වාසය මට තියනවා. “ ඔහු කීවේය.