අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 10 දක්වා රට තුළ වරාය නැව් කෘෂි සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ඉන්ධන නිකුත් කරමින් පුද්ගලික වාහන කිසිවකට ඉන්ධන නිකුත් නොකර සිටින්නට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා යන්නට රජය සැලසුම් කර ඇති අතර අනෙක් සේවා සියල්ල නිවසේ සිට කරගෙන යන ලෙස දන්වා ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පෞද්ගලික වාහන සඳහා මෙම කාලය තුල ඉන්ධන නිකුත් නොකරන බවයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල වලින්ය.
මේ කාලය තුළ ගම්බද පාසල් පුරුදු පරිදි පවත්වන්නට හැකි බවත් 10 න් පසු අනෙක් පාසල් අරඹනු ඇති බවත් ඔහු කීය.
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබීමට තීරණය කෙරේ.
අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
පොදු ප්‍රවාහනය ලංගමින් පමණක් ලැබෙනු ඇති බවත් අන්තර් පළාත් ගමනාගමනය නතර වන ඇති බවත් කීය.
මෙම තත්වය තුළ පත්වන අපහසුතා ගැන කණගාටුවද පළ කළේය.
0 Comments