mahinda-co-sec-remanded

පසුගිය මැයි 9 වන දා ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සාමකාමී අරගලවලට පහරදුන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය පවසයි.





පොලිසිය සඳහන් කළේ, අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය.

සැකකරු වයස අවුරුදු 53ක් වන ඇන්නපිටිය පාර, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද සඟඳහන් කර ඇත.
සැකකරු අද (ජූනි 6) දින උදෑසන කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.