හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් ශෝක ප්රකාශ කිරීමේ යෝජනාවට අදාළව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අරගලය සාමකාමී ලෙස සැලකිය නොහැකි බවයි.
මැයි 9 වැනිදා සිදු වූ ප්රචණ්ඩත්වය වැලැක්වීමට අරගලයේ නිරත ආගමික නායකයින් පවා අපොහොසත් වූ බව ‘අරගලය’ මිනීමැරුම් සිදුකරන තත්වයට ප්රචණ්ඩවූ බව සඳහන් කරමින් චෝදනා කළේය.
අරගලයට සම්බන්ධ අයගේ අතේ ලේ තිබෙන බව ඔහු පැවසීය.
‘ආණ්ඩුව ප්රමුඛ පිරිසක් ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහර දීමෙන් පසු රජයේ ආධාරකරුවන්ට පහර දුන් පිරිසක් අමරකීර්ති අතුකෝරල ඝාතනය කරා. අමරකීර්ති අතුකෝරල මහතා අරගලයට කිසිදු වරදක් කර නොමැති අයෙක්...
එහෙම අහිංසක අයෙකු මැරූ අයෙකුගේ අරගලය තවදුරටත් සාමකාමී නැහැ. ඔවුන්ගේ අත්වල ලේ තැවරී තිබෙනවා. මේක ප්රජාතන්ත්රවාදයට පටහැනියි.මේක ආගමික නායකයන් පවා හෙළා දැක්කෙ නැහැ.. ජනතාව ඔවුනට බයයි‘‘ රාජපක්ෂ මහතා පැවසීය.
0 Comments