සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා නිවසින් ගිය අතරතුරදී තම නව මස් බිලිදාට විෂ ද්‍රව්‍යයක් පොවා දරුවාගේ මව පෙරේදා (15) රාත්‍රී නිවසින් පැන ගොස් ඇතැයි මාලිබොඩ පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිඳු ප්‍රභාත් නමැති බිලිඳෙකි.එම බිලිඳා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි දරුවගේ ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත. ඒ වනවිට විටත් කෙඳිරි ගාමින් සිටි නව මස් බිලිඳා ඉතා ඉක්මනින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යෑමට ඇය කටයුතු කර තිබේ. කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් බිලිඳා මියගොස් සිටි බවට වෛද්‍යවරුන් පවසා ඇත. කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ඇය විසින් ලියා තබන ලද ලිපියක් ද පොලිසිය සොයා ගෙන ඇති අතර එහි සඳහන්ව ඇත්තේ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම අපරාධය සිදු කළ බවයි.ව
ැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත් එහි වැඩිදුරටත්සඳහන්ව තිබූ බව වාර්තා විය. 22 හැවිරිදි මව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. බිලිඳාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ. මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට නිශ්චිත හේතුව සොයා ගන්නා බව පොලිසිය කියයි.
0 Comments