minuwangoda-incident

තම සීයා සමග යතුරුපැදියෙන් පාසලට යමින් සිටි 09 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය මිනුවන්ගොඩ මහේන්ස්ත්‍රාත් ටී.තේනබදු මහත්මිය හමුවේ ඊයේ (07දා) කරුණු වාර්තා කෙරිණි. 

මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රාථමිකයේ 4 වසරේ ඉගෙනුම ලබන සිසුවියක ඊයේ (07දා) උදේ 7.30ට පමණ මෙසේ පැහැරගෙන ගොස් තිබේ. සිසුවිය කොටුගොඩ මිනිරුවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.



දැරියගේ මව ඉන්දියානු ජාතික කාන්තාවකි. දැරියගේ මව සහ පියා අතර පවතින විරසකයක් හේතුවෙන් දැරියගේ මව හා පියා වෙන්වෙන්ව ජීවත්වන බව දැරිය තම පියාගේ මව හෝ පියාගේ (ආච්චි අම්මාගේ සහ සීයාගේ) රැකවරය මත ජීවත්වන බවද පොලීසිය  පවසයි. මේ අතර අදාළ දැරිය ඊයේ (07) උදේ සීයා සමග යතුරුපැදියෙන් පාසලට යමින් සිටියදී පාසල ආසන්නයේදී මෝටරථයක් යතුරු පැදිය හරස්කොට නවතා තිබේ. මෝටර් රථයෙන් බැස ආ දෙදෙනෙකු ඇයගේ සීයාට තියුණු ආයුධයක් පෙන්වා මරණ බවට තර්ජනය කර  ඇති බවත් එම රථයෙන්ම බැස ආ ඉන්දියානු ජාතික දැරියගේ මව දැරියගේ කට එක් අතකින් වසාගෙන අනිත් අතින් රිය ඇදගෙන ගොස් වාහයේදමා ගෙන පැහැර ගෙන ගිය බවට සීයා විසින් පැමිණිලි කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසීය.



පැහැරගැනීමට ලක්වූ දැරියගේ මවට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ලබා දෙන ලෙසත් දැරියගේ මව විසින් පාවිච්චි කරනු ලබන ජංගම දුරකථන අංකයට අදාළ විශේෂ වාර්තාවක් පොලීසියට ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මිනුවන්ගොඩ පොලිසිය අධිකරණියෙන් ඉල්ලා සිටියේය.එම නියෝගය ලබාදුන් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර  ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කරන ලෙසට මිනුවන්ගොඩ පොලිසියට විසින් නියම කළේය මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති (ප. පො.ප) සාලිය පතිරාජසූරිය, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති (උප.පො.ප.) මධුරංග විජේසූරිය, උප.පො.ප. ජයවර්ධන, පොලිස් සැරයන්. සුසන්ත ඇතුළු නිලධාරහු පිරිසක්  සිද්ධිය පිළිබද වැඩිදුරටත් විමර්ශන සිදු කරනා බවට පැමිණිල්ල මෙහෙයවමින් උප පොලිස් පරික්ෂක ජී.කේ අබේරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.