monkey-pox-warn

බ්‍රිතාන්‍ය තුළ Monkeypox රෝග ලක්ෂණ ඇති බවට හඳුනාගන්නා පුද්ගලයන්ට ලිංගික සබදතා පැවැත්වීම සිදුනොකරන ලෙස උපදෙස් දීමට එරට සෞඛ්‍ය බලධාරීන් ඊයේ (31දා) පියවර ගෙන තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සය තුළ මෙම වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා මෙම උපදෙස් අනුගමනය කළ යුතුව ඇතැයි පවසා ඇත. අද වනවිට බ්‍රිතාන්‍ය තුළ පමණක් මෙම Monkeypox ආසාදිතයන් 179දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අතරින් සිදුවීම් 71ක්ම එංගලන්තය තුළින් වාර්තා වී ඇත. එසේම ස්කොට්ලන්තය තුළ සිව්දෙනෙක්,

උතුරු අයර්ලන්තය සහ වේල්සය තුළ එක් අයෙකු බැගින් සටහන්ව ඇත. විශේෂයෙන්ම  බ්‍රිතාන්‍යයේ සමලිංගික සබදතා පවත්වන පුද්ගලයන් අතර මෙම වෛරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර ඇත. එසේම Monkeypox රෝගය වැලඳුණු යම් පුද්ගලයෙකුගේ සම මතුපිට හටගන්නා දද වැනි ලක්ෂණ සම්පූර්ණයෙන්ම සුවවී. ඒවායේ තුවාල  වේලීමක් සිදුවන තෙක් තවත් අයෙකු සමග සමීප සම්බන්ධතාවක් නොපවත්වන ලෙසත් සොබා බලධාරීන් උපදෙස් ලබාදී ඇත. එම පිරිසද ලිංගික සබදතා පැවැත්වීමේදී සිය ආසාදිත බවින් සති 08ක්  යන තුරු උපත් පාලන කොපු භාවිතා කළ යුතු බවත්

එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඇද ඇතිරිලි හෝ තුවා මගින්ද මෙම වෛරසය ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණය වන බවත්, තමන්ගේ සමෙහි ඇති අසාමාන්‍ය කුෂ්ට හෝ අසාමාන්‍ය වණවීම් යනාදිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් UKHSA බලධාරීන් පවසා සිටියි. මෙම Monkeypox රෝග තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ Monkeypox පිළිබද විශේෂඥවරියක වන වෛද්‍ය රොසාමාන්ඩ් ලෙවිස්, මේ දක්වා ලොව පුරා එම ආසාදිතයන් සිය ගණනක් හමුවීම වසංගතයක් බවට පෙරළීමක් බලපොරොත්තු නොවන බවත් පවසා තිබේ.