එක්සත් ජනපදයේ NASA ආයතනය මගින් 1977 වසරේදී කක්ෂගත කෙරුණු Voyager 1 සහ 2යානා වෙත සැපයෙන බල සැපයුම් අක්‍රිය කිරීම ආරම්භ කරන බව එම ආයතනය පවසයි.මේ වනවිට එම යානා වසර 45කට ආසන්න කාලයක් අභ්‍යවකාශය තුළ මෙහෙයුම් සිදු කරන අතර, මෙතෙක් මිනිසෙකු විසින් සැකසූ වස්තුවක් නොගිය දුරකට වඩා වැඩි දුරකට යාමටද සමත්ව සිටියි. 



එසේම මෙම වාර්තාව දශක ගණනක් පුරා තවමත් නොබිදී පවතින්නකි. මෙලෙස එම යානා වෙත සැපයෙන බලය අඩු කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ එහි ජීව කාලය තවත් වසර කිහිපයකින් ඉහළ නැවීමේ අරමුණින් බව පැවසෙයි. ඒ අනුව වසර 2030 දක්වාම මෙම Voyager යානාවල සේවය ලබා ගැනීම සැලසුම වී තිබේ. මෙම යානා වෙත අවශ්‍ය බලශක්තිය සැපයීම විකිරණශීලී ලූටෝනියම් මගින් සිදු කරයි. විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම පද්ධතියේ ඇති බලශක්තිය සෑම වසරකදීම වොට් 4ක් බැගින් යැවීම සිදුවෙයි.

ඒ අනුව යානාවන් තවදුරටත් ක්‍රියාකාරිව පවත්වා ගැනීමට බලශක්තිය සැපයුම කපා දැමීම්ම අනිවාර්යය වී තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන NASA හි ජෛවරණ විද්‍යාගාරයේ ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥවරියක වන ලින්ඩා ස්ටිකර්, "අපගේ සැලසුම් නියමිතව සිදුවුණත්, අපිට මේ මෙහෙයුම වසර 2030 දක්වාත් පවත්වාගෙන යන්න අවස්ථාවක් හිමි වේවි.” යනුවෙන් පවසා තිබේ.

බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයා පසුකරමින් පියාසර කිරීම මෙම  Voyager 1 සහ 2 යානාවල මූලික අරමුණ විය.

ඒ අනුව ඉක්මනින්ම එම මෙහෙයුම් සාක්ෂාත් කරගැනීමට එම යානා වෙත හැකි වෙන ඇතැයි සඳහන් වෙයි. එසේම තවත් අභ්‍යවකාශයේ ඉදිරියට යමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබද ඡායාරූප පෘථිවිය වෙත එවීම සහ ගැඹුරු අභ්‍යවකාශය පිළිබදව තවදුරටත් සිදු කරන ගම්වාණ පිළිබද තොරතුරු පෘථිවියට එවීමත් මෙහෙයුම වී තිබේ.