අප්‍රේල් මස අග සිට මේ දක්වා විදෙස් ගමන් බලපත්‍ර සඳහා අසාමාන්‍ය ඉල්ලුමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ, දෛනිකව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන සෑම ඉල්ලුම්පත්‍රයක් සඳහාම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවය.
ඒ අනුව, දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කෙරෙන උපරිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 කි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ, උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවා ලබාදීමෙන් උපරිම ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කෙරෙන බවයි.
ඒ හේතුවෙන්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඇය ප්‍රකාශ කළාය.
වසරේ ගත වූ කාලය තුළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ මාර්තු මාසයේදීය.
එම සංඛ්‍යාව 74,890 කි.
ජනවාරි, පෙබරවාරි, අප්‍රේල් හා මැයි මාසවලදී 50,000 ඉක්ම වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබේ.
2021 වසරේ නිකුත් කර ඇති සමස්ත විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 382,506 කි.
0 Comments