peoples-second-wave-near
ජනතා අරගලය සුනාමිය වගේ වන බැවින් දෙවැනි රැල්ල නොහිතන ආකාරයෙන් පැමිණිය හැකි බවත්, ඒ අනුව ජනතා අරගලය හරහා ලබාදෙන අනතුරු හැඟවීම ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය තේරුම්ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. 

කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (16දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.මේ අතර අවම වශයෙන් මාස 06ට හෝ අවුරුද්දකට ඉන්ධන ණය ආධාර යටතේ මැදපෙරදිග රටක් හෝ රටවල් දෙකකින්  ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කරන බවද සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, "අග්‍රාමාත්‍යවරයා දැන් ඉන්නේ සන්නිවේදන කටයුතු කරන්න. මාධ්‍යවේදීන්ගේ රස්සාව තමයි එතුමා කරන්නේ. එතුමා කියනවා සති දෙකකට මේක නෑ, තව අමාරුයි කියනවා. අගමැතිතුමා පත් වෙලා මාසෙකට වැඩියි.

තවදුරටත් අපට එතුමාගෙන් සන්නිවේදන කටයුතු අවශ්‍ය නෑ.

ඒ නිසා මේ තෙල් පෝලීම ඉවර වෙන විදිය, ගෑස් පෝලිම ඉවර වෙන විදිය කියන්න ඕන. තෙල්, ගෑස් ගොඩබාන්නේ ප්‍රමාදවෙලා. මේ ප්‍රමාද වීම නිසා පෝලිම් වැඩි වෙනවා වන්ම විශාල මුදලක් ප්‍රමාද ගාස්තු විදියට ගෙවන්න වෙනවා. ඒකේ පාඩුව එන්නෙත් තාවට. මේ තෙල් පෝලිම නැති කරන්න ස්ථානයෙන් ගෙන්නවා කිව්වා.ගේනවා කිව්වා.

ඒත් ගෙනාපු සත පහක්වත් නෑ.  මානුෂීය ආධාර ලැබෙයි. දැන් ඉතාම පැහැදිලියි අගමැතිතුමාට ඩොලර් බිලියන 3-4ක් ගෙනල්ලා ජනතාව ජීවත්කරවීමේ ශකිත්යක් නෑ කියලා. විපක්‍ෂයක් ලෙස අපි යෝර්නා කරනවා දැන් අපට ඉතිරිවෙලා තිබෙන්නේ එක ක්‍රමයයි. සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් මිලියන 500ක් විතර වියදම් වෙනවා ඉන්ධනවලට. ඒක කරන්න අපට අපහසුයි. ඉතින් අපි අගමැතිතුමාට යෝජනා කරනවා මැදපෙරදිග රටක් හෝ රටවල් දෙකක් සමග කතා කරලා අවම වශයෙන් මාස 06ට හෝ අවුරුද්දකට ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න.

ඒ අනුව තෙල් ටික එනවා. ඒ අනුව තෙල් පෝලිම් නැති වෙයි.

තෙල්වලට දැනට වියදම් කරන මුදල ගෑස් සහ පොහොර ලබා ගන්න වියදම් කරන්න. ඒ අනුව ගෑස් පෝලිමත් නැතිවෙලා, ගොවියාට  පොහොර ලැබිලා ඒ හරහා ආහාර අර්බුදයට ම විසඳුමක් ලබාගන්න පුළුවන්. මේ පෝලිම් තුන නැති වුණොත් රට සංසුන් වෙලා සංචාරකයෝ චීන ගනියි. සංචාරකයෝ ආවම ඩොලර් මිලියන 200-250ක් අලුතින් අපේ ආර්ථිකයට ඇතුළු වෙනවා මාසෙන් මාසයට.

ඒ නිසා මේ මාධ්‍ය හමු තිය තිය, ජාත්‍යන්තරව කාගෙත් එක්ක හරි කතා කළා කියලා ටිවිටි දාන්නේ නැතිව ක්‍රියාවලියයි. අවශ්‍ය වන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා ගෝල්ෆේස් එක් රැල්ල අඩු වුණාම අරගලය ඉවරයි කියලා. අරගලය ආවේ කන්න බොන්න නැති, විදුලිය නැති, පෝලිම් ඉන්න පීඩනයක් සමග. ඒ අරගලයේ මතවාදය එන්න එන්නම ජනතාවගේ මනස තුළ වර්ධනය වෙනවා. පක්‍ෂ හෝ විපක්‍ෂ කවුරු හරි හිතනවා නම් අරගලය ඉවරයි. දැන් සියල්ල සාමකාමී කියලා හිතනවා නම් නෑ එහෙම නෑ. මේ අනතුරු ඇගවීම ගන්න ඕන ආණ්ඩුවත් විපක්‍ෂයත්. මේක හරියට සුනාමිය වගේ. දෙවැනි රැල්ල එන්නේ හිතන්නේ නැති විදියට” යනුවෙන් සඳහන් කළේය.

(දිනේෂ්  සමරකෝන්)