rajarata-university-closed-for-two-weeks

හෙට (20) සිට සති දෙකක කාලයක් රජරට විශ්වවිද්‍යාලය වසා දමන්නටත් දේශන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමටත් තීරණය කර තිබේ.


කෙසේ වෙතත් සියලුම විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
ඉදිරි සතිය තුළ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට බලය පවරා ඇති පසුබිමේ මෙම තීරනය ලබාගෙන ඇත.
මින් ඉහත පේරාදෙණිය සරසවියද දින නියම නොකර වසා දමන්නට තීරණය වූයේ ඉන්ධන අර්බුදය හේතුවෙනි.