පසුගිය මැයි 20 වනදා පාර්ලිමේන්තුවේදී ටීඑන්ඒ මන්ත්‍රී ශානකියන් රාසමානිකම් මහතා සිදු කළ කතාවක් ගැන අගමැති රනිල් වික්‍රමසිංහ අද (10) පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. නැසීගිය අමරකීර්ති අතුකෝරල ශෝක යෝජනා පාර්ලිමේන්තු විවාදය අතර කතා කළ රනිල් රාසමානික්කම් කළ කතාවට අදාළ හැන්සාඩ් වාර්තාව පෙන්වමින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම රාසමානිකම් සාධාරණීකරණය කළ බව පැවසීය.එලෙස කීමට අයිතියක් නැතැයිද මේ සම්බන්ධ සමාව ගන්නේ නැතිනම් කමිටුවක් පත්කරන බවද කීය.
කෙසේ වෙතත් රාසමානික්කම්ගේ කතාව විමසා බැලීමේදී එහිදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සාධාරණීකරණය කරමින් ඔහු සැලකිය යුතු දෙයක් නොකියයි. ගෝටාගෝගම අරගල කරුවන් වෙනුවෙන් ඔහු කතා කරන අතරම ඔහු වැඩිපුර විවේචනයට ලක්කරන්නේ ‘රනිල් වික්‍රමසිංහ‘ වයි.
රනිල් පොදුජන පෙරමුනේ සිරකරුවෙකු බවත් හැංගී සිටි රාජපක්ෂ පවුලට එලියට එන්නට ඉත්තෙකු ලෙස පැමිණ උදව් කළ බවත් පවසන්නේය. එසේම ඔහුට තනි මන්ත්‍රී ධූරයක් සමග පාර්ලිමේන්තුවේ පවතින අස්ථාවරය නිසා පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණට එරෙහි කිසිදු යෝජනාවක් සම්මත කරගන්නට බැරි වහල් තත්වයක් පවතින බවද පැහැදිලි කිලේය. ඔහු හොරුන් අල්ලන්ට හෝ හොරුන්ගේ මුදල් ජනතාවට දෙන්නට මේ නිසා කිසිදු අවස්තාවක් නොපවතින බවත් අරගල කරුවන් පවසන පරිදිම ‘ඩීල්‘ දේශපාලනයක් සදහා ඔහු කටයුතු කරන බවටත් විවේචනය කළේය.
ඔහු ඉහළින් තබා කතා කරන කොළඹ 7 කන්ඩායමක් සිටින බවත් ඔවුන්ට රනිල් හොඳවී ඇත්තේ රටේ පවතින වාතාවරණය පැහැදිලි කරන නිසා බවත් පවසන රාසමානික්කම් අගමැති වරයෙකු ඒ සඳහා පමණක් අවශ්‍ය නැතැයි කීය.
රටේ වාතාවරණය කවුරුත් දන්නා බව කී ඔහු රනිල් එසේ පැවසුවත් කිසිම ප්‍රශ්නයක් විසඳීම සදහා දිනයක් ලබාදීමට හෝ විශ්වාසදායි පියවරකට යාමට ඔහුට හැකිවී නැතැයිද පැවසීය.
රනිල් හැමවිටම තනතුරකින් පිටව යන්නේ ෂොට් එකක් වැදීමෙන් බවත් ඉදිරියේදී ගෝඨා ෂොට් එක දෙන්නේ අවශ්‍ය වැඩ ටික කරගෙන බැසිල් හෝ වෙනත් කෙනෙකු අගමැති පුටුවේ වාඩි කරවා බවත් රාසමානික්කම් මෙහිදී පැහැදිලි කළේය.
ආන්දෝලනය ඇති කළ රාසමානික්කම්ගේ කතාව වීඩියෝව පහතින්
0 Comments