ranjan-ba

බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.





ඔහු ප්‍රකාශ කළේ, රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණය සඳහා පෙරේදා පෙනී සිටි බව ය.

එමෙන් ම, ඒ මහතා එහි සෙසු විෂයයන් සඳහා ජූනි 11 සහ 18 වන දා ද පෙනී සිටීමට නියමිත බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අනුමැතිය පරිදි වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.