ravindu-wedaarachchi-found-johnston-missing

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතු හා ලේලිය පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය ඊයේ (06) පස්වරුවේ නීතීඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත් විය.


රවිඳු වෙදආරංචි මින් ඉහත තංගල්ල නගරාධීපති ලෙසද කටයුතු කර තිබේ.
වීරකැටිය පොලිස් ස්ථානය අත් අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔවුන්ව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු බවට නම් කර පොලිස් කන්ඩායම් කිහිපයක් යොදා සොයමින් සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලාගන්නට පොලිසිය තවම අසමත්වී තිබේ.