ravindu-wedaarachchi-released-on-bail

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍ තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිකා සිල්වා අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හැර තිබේ.

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුව අසලදී අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ්රථයක පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරීන් එය වළකන්නට හදද්දී පොලීස් රාජකාරියට බාධාවන අයුරින් උණුසුම් වචන හුවමාරුවක් සිදු කළ ඔවුන් දෙන්නා අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරීන් වෙත බැණ වැදුණි. සිද්ධියේ වීඩියෝ පටයක් සටහන් තබාගන්නට පොලිස නිලධාරියෙකු ක්‍රියාකළ අතර එය ප්‍රචාරය වීම සමග ඔවුන් වෙත දෝෂාරෝපණ එල්ල විය.


විශේෂයෙන්ම කාන්තාවක මෙතරම් පහත් පෙළේ අසභ්‍ය වචන කථාකරන අකාරය ගැන සමාජ මාධ්‍ය තුළ විවේචනද මතුවිය.
සිද්ධියෙන් පසු රවිදු සිය ෆේස් බුක් ගිනුමින් තමන් අත වරදක් නැතැයිද පොලිසිය මුලින් හැසිරුණ අයුරු විමසන්න යයිද දක්වමින් වීඩියෝ පටයක් සමග සටහනක් බෙදාගෙන තිබුණ නමුත් පැය කිහිපයකට පසු එය ඉවත් කරගෙන ෆේස් බුක් ගිනුමද අක්‍රීය කරගෙන ප්‍රදේශයෙන් ගොස් සැඟවී සිටියේය.
පොලිසිය ඔවුන් සොයා පීරමින් විමර්ශනය කරද්දී
දින ගණනාවකට පසු සැගව සිටි තැනින් එලියට ඇවිත් ඔවුන් දෙන්නා භාරවිය.


වීරකැටිය පොලීසිය මගින් ඔවුන්  වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ අතර අද පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී ඔවුන් හදුනා ගැනුනු අතර පසුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. නඩුව ලබන 10 වනදා යළි කැදවීමට නියමිතයි.