russia-flight-sri-lanka

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් එයාර් බස් ඒ 330 - 300 ගුවන් යානය රඳවාගැන්මට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය වහාම අත් අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය ට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි අතර කොළඹ වාණිජ මහාධිකරණය මඟින් අදාළ වාරණ නියෝගය ඉවත් කරමින්

නියෝගයක් නිකුත් කරනු ලැබුවේ එම මෝසම සැලකිල්ලට ගෙනයි. ඒ අනුව පසුගිය දෙවැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමේ අවසරය හිමිවනු ඇති.මේ අතර, රුසියානු ගුවන් යානය රඳවාගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ පිරිසක් මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක නිරතවු බවද වාර්තා විය.