රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම අත්හිටුවා කොළඹ වාණිජ මහාධිකරණය මගින් නියෝගයක් ලබා දීම හේතුවෙන් මේවනවිට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් මතුවී තිබේ.
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ. 288 දරණ ගුවන් යානය පසුගිය 02 වනදාඋදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි. ඉන්පසුව මෙම ගුවන් යානය දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ඒ සඳහා ගුවන් මගීහු 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඒ අතර කොළඹ වාණිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලබාදී තිබේ.
ඒ අනුව මෙම යානයේ ගමන අත්හිටුවා ඇති අතර, මෙම ගුවන් ගමන සඳහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමුකර තිබේ. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරින්, එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටි බව කටුනායක ගුවන් තොටුපළ ආරංචිමාර්ග සඳහන් කළේය.
පසුව වාර්තා වූයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැඳවා ශ්‍රී ලංකා බලධාරීන් එයරොෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති බවය.
රුසියානු විදේශ අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“ජුනි 3 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ජේ.ඒ. ලියනගේ රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැදවන ලදී,” එම අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
මොස්කව් බලා යාමට නියමිතව තිබූ Aeroflot ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී භාරයට ගැනීමේ ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ගේ පදනම් විරහිත තීරණයක් බවත් ඒය දෙරෙ අතර ඳසබතා වලට ගැටලුවක් වියහැකි බවත් දන්වා ඇත.
“සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටියෙමු,” යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින
03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කර තිබුණි.
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති අතර ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම දඅත්හිටුවා ඇත.
0 Comments