russian-air-craft-went-to-moscow

කටුනායක ගුවන් තොටුපොළේ දින කිහිපයක් තිස්සේ අධිකරණ වාරණ නියෝගයක් මත රඳවා තිබු රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයට අයත් ගුවන් යානය මොස්කව් නුවර බලා අද සවස පිටත්ව ගොස් තිබේ.




අධිකරණ නියෝගයක් මගින් එලෙස රඳවා තබාගැනීම අද දහවල් අහෝසි වී තිබූ අතර යානය පිටවූයේ
මගීන් නොමැතිව සිය කාර්ය මණ්ඩලය සමගය.
කොළඹ වාණිජ අධිකරණයෙන් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවීමෙන් පසු යානය මෙලෙස පිටත්ව ගිය නමුත් මේ නිසා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු විය.
එහි සිටි මගින් මීට පෙර රුසියාවෙන් පැමිණි ගුවන් යානයක් මගින් ඊයේ රැගෙන යන ලද අතර ශ්‍රී ලංකාවේ නවාතැන්ගෙන සිටි රුසියානුවන්ටද ලංකාව අතැර යන ලෙස දන්වන තරමට මෙම ප්‍රශ්නය දුරදිග ගියේය.මේ වනවිට ශ්‍රී ලංකාවට උදව් කරන රුසියානු වැඩසටහන්ද මේ නිසා නතර කරන බවට රුසියාව දන්වා තිබුණි.