විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති (MSc) විභාගයේ මුල් විෂයයන් දෙකකින් විශිෂ්ට සාමාර්ථයන් ලබා තිබේ. පාරිසරික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ තක්සේරු කිරීම සම්බන්ධයෙන් A+ සහ පාරිසරික ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ A- වශයෙන් ලකුණු ලබා ඇත.
A+ සඳහා 85-100 අතර ලකුණුත් A- සඳහා 65-69 අතර ලකුණුත් සලකා බලා ඇත.
පරිසර විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීමට අදාළ අනෙක් විෂයික කොටස් වලට පෙනී සිටිය යුතු බවත් සජිත්ගේ ඉල්ලීම අනුව සමත්වූ විෂයන් දෙක සඳහා සහතිකයක් නිකුත් කරන බවත් සරසවියේ වැඩබලන අතිරේක රෙජිස්ට්‍රාර්වරයා සජිත්ට නිකුත්කළ සහතිකයේ දක්වා ඇත.
සජිත් ප්‍රේමදාස මෙම පාඨමාලාව සදහා අඛණ්ඩවම සහභාගීවූ ශිෂ්‍යයකු වූ බවත් පසුගිය දේශපාලන කලබල කාලයේ පවා ඔහු පංති ආ සිසුවෙකු වූ බවත් සමකාලීනයන් සමාජ මාධ්‍ය තුළ සටහන් තබා ඇත.
සජිත් ප්‍රේමදාස කොළඹ රාජකීය විද්‍යාලයේ අධයාපනය ලැබුවේ 1980 දශකයේය. අනතුරුව ඔහු ලන්ඩන් නුවරදී උපාධියක් ලබාගැනීමට විදෙස්ගතව සිටි බව කියැවුණ අතර ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාව හදාරන්නට පටන්ගෙන ඇත්තේ මෑත කාලයේය.
මෙම පාඨමාලාවේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමෙන්පසු පරිසරය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියක් ලබාගැනීමට සජිත්ට හැකියාව ලැබේ.
0 Comments