ඉන්ධන අර්බුදය නිසා මේ වනවිට සති දෙකක් රජයේ සේවය මාර්ගගත ක්‍රමයට හෝ සීමිත සේවක කැදවීමක් මත පවත්වා යන්නට චක්‍රලේඛයක් නිකුත්ව ඇත. මෙම කාලයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සිකුරාදා (17) තීරණයක් ලබාගෙන නැත.
කෙසේ වෙතත් සෙනසුරාදා (18) අවසන් තීරණය ගන්නා බවත් ඒ අනුව එදින ඒ ගැන දන්වා සිටින බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත දන්වා සිටියි.
ඉන්ධන අර්බුදය හමුවේ රජය විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් හා සමගාමීව පාසල් පැවැත්වීමේ කටයුතු සහ මාර්ගගත අධ්‍යාපනය කටයුතු සැලසුම් කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඇතැම් විට සති දෙකක හෝ තුනක කාලයක් සඳහා පාසල් වසා දැමීමට සිදු වූවොත් සිදුවන විෂය නිර්දේශ මගහැරීම් ආවරණය කර ගැනීම සඳහා අගෝස්තු නිවාඩුවෙන් අඩුකර එම කටයුතු සිදු කිරීමට යෝජනාවක් පවතින බවත් විකල්ප මාර්ගගත ක්‍රමය ප්‍රාථමික ශ්‍රේණියේ දරු දැරියන් සඳහා කිසිසේත් නොගැලපෙන්නක් බවත් ඔහු අදහස් දැක්වීය.
අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට තමන් උත්සාහ ගන්නා නමුත් ඇතිව තිබෙන ප්‍රශ්න මැද කෙතරම් දුරට සාධාරණව මෙම ගැටලුව විසඳන්නට හැකිදැයි විමසා බලන බවත් කියන ඇමතිවරයා අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කර හෙට අවසන් තීරණය දන්වන බව කියා සිටියේය.
0 Comments