පසුගිය කෝවිඩ් අර්බුදය සහ වත්මන් ආර්ථික අර්බුදය මත ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඇති කඩා වැටීම ඉතා විශාලය. විශේෂයෙස්පාසල් අධ්‍යාපන කටයුතු සහ විභාග කටයුතු ප්‍රමාදවීම් කෝවිඩි අර්බුදය හේතුවෙන් ඇතිවිණි. ඒවාටවත්මන් විසදුම් සහ ඉදිරි කාලයේදී සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විභාග කොමසාජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සහභාගී වුණු ප්රවෘත්ති සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සම්පාදනය වී ඇත.
නව ගැසට් පත්‍රය මගින් අධ්‍යාපන අමාතයංශයට අයත් අධ්‍යාපන ආයතනපසුගියදා නිකුත්වුණු නව ගැසට් පත්‍රයට අනුව කාඩ තුනක් යටත්විෂයපථ තිස්හතක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළත් කර ඇත. එයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් සියලු ආයතන, 1 ශ්‍රේණියේ සිට - 13 ශ්‍රේණිය දක්වා සියලුම රජයේ පාසල්, ජාතික අධ්‍යාපන ආයතන, ජාතික අධ්‍යාපන කොමිසම, සියලු විද්‍යා පීඨ, NSBM, NIBM, ආතර් සී ක්ලාක් ආයතනය, ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) ඇතුළු ආයතන රැසක් ඊට ඇතුළත්ය.
මෙම වසරේ පාසල් පවත්වන ආකාරය
2020 වසරේ පාසල් පවත්වන්නට නියමිතව තිබූ දින ගණන දින 194ක්වුවත්, බස්නාහිර පළාතේ පාසල් පවත්වා තිබෙන්නේ දින 94ක් පමණි. 2020 වසරේදී අනෙක් පළාත්වල දින 117ක් පාසල් පවත්වා තිබේ. 2021 වසරේදී බස්නාහිර පළාතේ දින 102ක් පාසල් පවත්වා ඇති අතර, අනෙක් පළාත්වල දින 143ක් පාසල් පවත්වා තිබේ. 2022 වසරේදී මුළු දින ගණන 139කට පාසල් පැවැත්වීම සදහා දින ගණනය කර තිබෙන අතර, ඉන් පළමු වාරයේ පළමු අදියර සදහා දින විසිතුනක්, දෙවෙනි අදියරට දින 24ක් ලෙසත් පාසල් දින පවත්වා තිබේ. දෙවන වාරයේ දින 44කුත්,තෙවැනි වාරයේ අදියර දෙකක් ලෙස දින 48කුත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 2022 වසර සදහා ඇති විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීම සදහා 2022 වසරේ දෙසැම්බර් 22, 23 දින දක්වා පාසල්පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම
2023 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ ඉදිරි සතිය තුළ නිකුත් කිරිමට නියමිතය. ප්‍රධාන ජාතික පාසල් 35ක චක්‍රලේඛ උල්ලංඝනය කරන්මින් සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව විගණනයන් සිදුකරන අතර, එම විගණන පරික්ෂණ අවසන් වී ප්‍රතිපත්ති තීන්දුවක් ගන්නා තෙක් අතරමැදිපන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමට මේ වන විට ඉඩක් ලබා නොදෙන බව මෙම ප්රවෘත්ති සාකචිඡාවේදී සඳහන් කෙරිණි. එමෙන්ම 373ක්ව පැවති ජාතික පාසල් ප්‍රමාණය 393ක් දක්වා වඩි කර තිබෙන බවද මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී සදහන් විය.
ඉදිරි වසරේදී පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් සඳහා වැය වන ප්‍රතිපාදන
2023වසර සදහා අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය, අභ්‍යාස පොත්, විභාග කටයුතු සඳහා අවශ්‍ය මුද්‍රණ කඩදාසි ඇතුළු අනෙකුත් මෙවලම් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරය සහ අනෙකුත් මාර්ගවලින් මුදල් ලබාගැනීම සදහා ඇස්තමේන්තු සකස්කොට අදාළ අංශ වෙත යොමු කර තිබේ. පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙනුත් මේ වනවිට මූලික පියවර ගෙන ඇති අතර, ඒ සියල්ලම ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ දරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉදිරි විභාග කටයුතු අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත 2022 උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම 2022 වසර සාමාන්‍ය පෙළ විභාගය 2023වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැත්වීමටද නියමිතය. 2021 වසර උසස් පෙළ සිසුන්ගේ ප්‍රායෝගික පරික්ෂණයන් මේ මාසය සහජූලි මාසය තුළදී පවත්වා අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ. එහිදී උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරිණ ජූනි 29සිට, ජෛව පද්ධති තාක්ෂණවේදය ජූනි මස 17දා සිට, ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රායෝගික පරිණි ජූනි මස 10වා සිටද පැවැත්වීමට දිනයෝපිත වී තිබේ. ඇතැම්විට මෙම දිනයන් වෙනස් වීමටද ඉඩ ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. එමෙන්ම උසස් පෙළ සියලු ප්‍රායෝගික පරික්ෂණ ජූලි 10 වන විට පවත්වා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. තවද මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සා/පෙළ විභාගයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක දරුවන්ට සිදු වූ ගැටලුව හේතුවෙන්, එම දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උපරිම සාධරණය ලබා දෙන බව විභාග කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පාසල් සිසුන්ගේ පෝෂණ තත්ත්වය සහ ආහාර අර්බුදයට විසඳුම්
දැනට පාසල් සහ ප්‍රාථමික අංශවල තෝරාගත් පාසල් වල ළමුන් ලක්ෂ එකොළහක පිරිසකට පෝෂණය ලබාදීම සිදුවෙමින් පවතී. ඒ සඳහා දිනකට වෙන්කොට ඇති මුදල වර්තමානයේදී කිසිලෙසක ප්‍රමාණවත් නොවේ. එම මුදල දෙගුණයක් කර ගැනීම සඳහා අමාත්‍ය මණිඩල සංදේශයක් සකස්කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
ඊට අමතර ලෝක ආහාර සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවීධානයට සම්බන්ධ වී තිබෙන UNDP, UNICEF වැනි ආයතන සහ මිත්‍ර රටවල තානාපතිවරුන්ක්සමග සාකච්ඡා පවත්වා තිබෙන අතර, ඉදිරියේදී පාසල්වල පෝෂණ කටයුතු තවදුරටත් ශක්තිමත්ව සහ ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කරන බව ඔහු පවසයි. තවද විශ්ව විද්‍යාල සිසුන්ගේ දීමනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ. එමෙන්ම ඉදිරියේදී ඇතිවීමට නියමිත ආහාර අර්බුදය සදහා විසදුමක් ලෙස සියලුම පාසල්වල පාසල් භූමි තුළ ගෙවතුවගා ඇති කිරීමටත්, පාසල් දරුවන් දැනුවත් කරමින් සිසුන්ගේ ගෙවල් තුළ යම් වගාවක් ඇති කිරීමටත්, විශ්වවිද්‍යාල භූමි, විද්‍යාපීඨවල භූමිඋපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගනිමින් කාෂිකාර්මික ක්ෂේත්රය ප්රවීණයන්ගේ මගපෙන්වීම මත වගා කටයුතු සිදුකිර්මට සූදානම් කර තිබේ.
ගුරුවරුන්ගේ ගැටලු සහ විද්‍යාපීඨවල ගැටලු
විද්‍යාපීඨවල සිටින ගුරුවරුත්වීමට නියමිත කණ්ඩායම් දෙකක් මේ වන විට පුහුණු කරමින් සිටින අතර, අවසාන කණ්ඩායමේ විභාග කඩිනමීපවත්වා පත්වීම් ලබාදීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් සිටියි. එමෙන්ම විද්‍යාපීඨ 19පසුගිය කාල වකවානුව තුළ නිරෝධායන කටයුතු සදහා භාවිත කර ඇති අතර, ඒවා නැවත ප්‍රතිසංස්කරණය කළයුතු බැවින්, ඒ සඳහා අරමුදල් සොයා ගැනීමට විවිධ ව්‍යාපෘතීන් යටතේ කටයුතු කරගෙන යයි. ගුරු පුහුණුව විධිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂයට ලැබෙන ප්‍රතිපාදන ඔවුන් සමග සාකචිඡාකොට සියලු නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරිම සදහාත්, සමස්ත පද්ධතියේම ගුරුවරුන්ට එක් සැසියක් හෝ පවත්වමින් ඔවුන්ව දිරිමත් කිරිමට කටයුතු කරයි. උපාධිධාරින් සංවර්ධන නිලධාරි ලෙස පත්කොට, විවිධ ස්ථානවලට ස්ථානගත කිරීම පසුගිය කාලයේදී සිදුවිය. ඔවුන්ට ගුරු පුහුණුව ලබාදිය යුතු අතර, එය සිටියදීම ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. මෙය ජූලි මාසයේදී ඇරඹිමට නියමිතය.එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළ තිබෙන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට නිරන්තරව සාකච්ඡා මගින් කටයුතු කරන බව හෙතෙම පවසයි.
(කැළුම් දේවින්ද)
0 Comments