sri-lanka-president-bloomberg-article

ගෝඨාගෝහෝම් අරගලය ඇරඹීමෙන් පසු පළමු වරට ලොව ප්‍රමුඛ වෙළෙඳ හා ආර්ථික විශ්ලේෂක සඟරාවක් වන බ්ලූම්බර්ග් සමග ජනපති ගෝඨාභය රාජපක්ෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වී ඇති අතර ඔහුට එරෙහි පවතින රැල්ල ගැන මෙන්ම ඉදිරි කටයුතු ගැන අදහස් පළ කර තිබේ.
බ්ලුම්බර්ග්හි අනුෂ ඔන්ඩච්චි හා සුධී රන්ජන් සෙන් සමග ජනපතිවරයා පැවැත්වූ මෙම සාකච්ඡාවේදී
තමා නෙරපා හරින ලෙස ඉල්ලා මාස ගණනාවක් පුරා පැවති වීදි විරෝධතා නොතකා ඉතිරි වසර දෙක තම ධුර කාලය රැඳෙමින් සිට අවසන් කරන බවට ඔහු පවසා ඇත.ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට තුඩු දුන් මූල්‍ය අවුල නිවැරදි කිරීම කෙරෙහි අවධානය තමා යොමු කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා දුන්නේය.



"මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යා නොහැක...අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.” ඔහු මෙම සාකච්ඡාවේදී පැවසීය.

“ගෝඨා ගෙදර යන්න” යන සටන් පාඨ ඉන්ධනවල සිට ඖෂධ දක්වා සෑම දෙයකම උග්‍ර හිඟය, උද්ධමනය 40% දක්වා ඉහළ නැංවීම සහ ඓතිහාසික ණය පැහැර හැරීමකට බල කළ තීරණ ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ජනතාව දොස් පවරන පසුබිමක මෙම ප්‍රකාශය දැඩි එකක් බව බ්ලූම්බර්ග් පෙන්වාදෙයි.

ටෙලිමර් හි ආර්ථික විද්‍යාඥයෙකු වන පැට්‍රික් කරන් උපුටමින් බ්ලූම්බර්ග් පෙන්වා දෙන්නේ “මෙයින් ඔහුගේ වහා ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන් සනසන්නට ඉඩක් නැත....ජනාධිපතිවරණයට වසර දෙකකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී, ඔහුගේ ධුර කාලය අවසන් කිරීමට රාජපක්ෂගේ තීරණය ඉදිරි වසර කිහිපය තුළ රටේ දේශපාලන අවිනිශ්චිතභාවය ඉහළ නැංවීමට දායක වන්නක් වියහැකි අතරම අර්බුදයට මැදිවූ රටේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට බාධාවක් විය හැකිය." යනුවෙනි.



 2019 දී ජනාධිපති ලෙස තේරී පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව හරහා තල්ලු කරන ලද පුළුල් බලතල ආපසු හැරවිය හැකි යෝජනා සඳුදා වන විට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට නියමිත වන නමුත් විධායක ජනාධිපති ක්‍රමය පාලනය කිරීම සඳහා සැලසුම් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාර්ථකත්වය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මෙම සාකච්ඡාවේදී සැක පහළ කළ බව බ්ලූම්බර්ග් දක්වයි.
ඊනියා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් මඟින් පාර්ලිමේන්තුවට යම් බලතල නැවත ලබා දෙන අතර ප්‍රධාන තීරණ ගැනීමේදී කොමිෂන් සභාවලට ස්වාධීනත්වය නැවත ලබාදෙනවා..
එක්කෝ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි... එසේත් නැතිනම් පාර්ලිමේන්තුව පාලනයෙන් ඉවත් කළ යුතුයි..මිශ්‍ර පද්ධතියක් තිබිය නොහැකියි...මම මෙය අත්විඳ ඇති අතර දැන් දනිමි. මම මේක කිව්වම මිනිස්සු මට දොස් කියන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත." ඔහු පවසා තිබේ.
සම්මුඛ සාකච්ඡාව අතර ජනපතිවරයා මෙසේද පවසා තිබේ.


    “අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීමට බොහෝ වේලාවක් බලා සිටියෙමු. අපි අඩුම තරමින් මාස හයක් හෝ අවුරුද්දකට කලින් ගියා නම් මේ තත්ත්වයට එන්නේ නැහැ..අපි මූල්‍ය හා නීති උපදේශකයන් (ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා) පත් කර ඇතත් එය ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා ය. අපි තනි තනිව යා යුතුයි. විශේෂයෙන් ද්විපාර්ශ්වික අපගේ ප්‍රධාන ණය චීනය, ජපානය, ඉන්දියාව සහ පැරිස් සමාජයන් වෙතින් සිදු කළ යුතුය."
    “මම ඉන්දියාවෙන් සහ චීනයෙන් උදව් ඉල්ලා තිබෙනවා. මම පෞද්ගලිකව නායකයන්ට කතා කරලා ලිව්වා. පසුව මම විශේෂයෙන් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මැද පෙරදිග නායකයින්ට පෞද්ගලිකව කතා කරා.. බොරතෙල් සැපයීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු සඳහා උපකාර ලබා ගැනීම සඳහා සෞදි සහ ඕමානය සමඟ කතා කිරීමට අවශ්‍ය වුණා.
    “ඉදිරියේදී සහනාධාර ක්‍රමයට යන්න වෙනවා. අපිට රාජ්‍ය සේවකයන් හෝ හමුදාව කප්පාදු කරන්න බැහැ, බඳවා ගැනීම් කප්පාදු කිරීමෙන් අඩු කරන්න පුළුවන්.”

 (බ්ලූම්බර්ග් ඇසුරිනි - Gossiplankanews.com)