srk-katrina-akshey

බොලිවුඩයේ සුපිරි තරු වන ෂාරුක් ඛාන්, ආක්ෂේ කුමාර් සහ කත්‍රිනා කයිෆ් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කත්‍රිනා කයිෆ් හට පසුගිය වසරේද කොවිඩ් ආසාදනය විය. 

කත්‍රිනා පසුගිය සතියේ විජේ සේතුපති සමග ශ්‍රීරාම් රාඝවන්ගේ 'Merry Christmas' චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලවලින් පසුව එය නැවත සැලසුම් කිරීමට සිදුව තිබේ.

මේ වනවිට ඇයගේ නිරෝධායන කාලසීමාව අවසන්ව ඇති නමුත් ෂාරුක් ඛාන් තවමත් නිරෝධායන කාල සීමාවේ පසුවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ෂාරුක් සහ කත්‍රිනා හට කොරෝනා ආසාදනය වී ඇත්තේ පසුගිය මැයි 25 වැනිදා පැවැති කර්න් ජෝහර්ගේ උපන්දින සාදයේදීය. මේ වනවිට ඔහුගේ සාදයට පැමිණි පනහකට අධික සංඛ්‍යාවකට වයිරසය ආසාදනය වී ඇත. මොවුන්ට අමතරව කාර්තික් ආර්යන් සෙනසුරාදා තහවුරු කළේ ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බවයි. ඔහුට මෙවර IIFA උත්සවයේ රංගනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් එම අවස්ථාව මඟහැරී ගියේය.‍ ආදිත්‍ය රෝයි කපූර්ටද වයිරසය ආසාදිතව ඇති බව වාර්තා වේ. කොවිඩ් ආසාදනය වූ හෙයින් ආක්ෂේ කුමාර්ට කෑන්ස් සිනමා උළෙලට සහභාගී වීමට නොහැකි වී තිබිණි.