අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යුනෙස්කෝ සංවිධානය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා අද අලුයම ප්‍රංශය බලා පිටත්ව ගියේ ය.
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් කාලය අහිමි වූ ලෝකයේ බොහෝ රටවල පාසල් දරුවන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක, ගුණාත්මක අධ්‍යාපනය සඳහා පෙළ ගැස්වීම හා ඒ ඒ රටවල අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.
මෙම සමුළුව අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ කටයුතු නිමවීමෙන් අනතුරුව ලංකාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව සොයා බලන්නට රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
0 Comments