පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන පහසුකම් හිඟය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත ගුරුවරුන් දුර පළාත්වල සේවයට යාම තවදුරටත් ගැටලුවක් බව පෙන්වාදීමෙන් පසු අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින දන්වා සිටියේ ගුරුවරුන්ට තමන්ගේ පදිංචියට ළඟම පාසලට මාරුවීමේ අවස්ථාව සලසමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ බවයි.
එයට අනුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ හෝ පළාත්සභා යටතේ යන භේදයකින් තොරව තාවකාලිකව තමන්ගේ පදිංචියට ළඟම ඕනෑම පරිපාලනයක් යටතේ පවතින පාසලකට මාරුවීමට ගුරුවරුන්ට අවස්ථාව සලසා ඇත.
කෙසේ වෙතත් මෙහිදී ගුරුවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මාරුවීම් කරන හා මාරුවීම් ලබන පාසල් දෙකේ විදුහල්පතිවරුන්ගේ නිර්දේශය හා කැමැත්ත අනුව තීරණ ගැනීම සිදුවන බවත් අදාළ කොන්දේසි චක්‍රලේඛයේ දන්වා ඇතැයිද ඇමතිවරයා දන්වා තිබේ.
0 Comments