පාසල් පවත්වන දින ගණන අඩුකිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ උවද පසුගිය සතිය තුළ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවති බවයි.
එහෙත් මෙම අර්බුදකාරී තත්ත්වය දිගටම පැවතියහොත් පාසල් සිසුන්ට යම් සහනයක් ලබාදීම පිළිබඳවද අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මින් ඉහත අධ්‍යාපන ඇමතිවරයා සමග ලංකා ගුරු සංගමය පැවැත්වූ සාකච්ඡාවකදී මෙවැනි වෙනසක් ගැන යෝජනාවක් පමණක් පළවූ නමුත් තීරණයක් ගෙන නැත.
0 Comments