uk-food-reserves-lost

බ්‍රිතාන්‍යයේ ජනතාවගේ ප්‍රදානයන්ගෙන් පවත්වාගෙන ගිය ආහාර බැංකු බොහෝමයක් මේ වනවිට ආහාර සහ සැපයුම් නොමැති තත්වයට පත්ව තිබෙන බව වාර්තා පවසයි. වර්තමානයේදී එරට ජනතාව මුහුණදෙන ජීවන වියදම් අර්බුදය නිසා මෙවැනි ආහාර බැංකු සඳහා අඩුම තරමින් සුළු හෝ ප්‍රදානයන් සිදු කිරීමට එරට ජනතාවට නොහැකිවීම මේ සඳහා හේතුව වී තිබේ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එරට ඩිවුස්බෙරිහි පිහිටි එම එක් ආහාර බැංකුවක කළමනාකාරිනිය වන ටානිෂා බ්‍රැම්වෙල්, අද වනවිට සිය ආහාර බැංකුව දරුණු ආහාර හිගයකට පත්ව තිබෙන බව සදහනක්කරයි. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට බ්‍රිතාන්‍ය ජනතාව කුසගින්නෙන් පෙළෙන පිරිස් දෙස නොබලන තත්ත්ව යක් උදාවී තිබෙන බවත් ඇය පෙන්නුම් කර දෙයි. "සතියකට කලින් අපට කිසිම ආහාරයක් තිබුණේ නෑ. අපට තිබුපාන් ගෙඩි පහක් සහ ටින් කරපු ආහාර ස්වල්පයක් පමණයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා අපි මේ ආහාර පාසල්වල දැමුවා.

ඒත් දැන් එහෙම කරන්නෙ බෑ. අපට දැන් න්වෙන විකල්පයක් ඉතිරි වෙලා නෑ.” ඇය සඳහන්කරයි.


ඒ අනුව හැකි ඉක්මනින්ම ජනතාව සාප්පු සවාගොස් භාණ්ඩ මිලදීගෙන ඒවා ගෙනවිත් භාරදීම යළි ආරම්භ කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීම් සිදුකරන බවත් ඇය පවසයි.එහෙත් වර්තමානයේදී ජනතාව මුහුණදී සිටින අසීරු තත්ත්වය නිසා මේ ගැටලුව මතුව තිබෙන බව තමන්ටද තේරුම් යන බවද ටානි සදහන් කරයි. "මේ තත්වය අපි බලාපොරොත්තුවුණු තත්වයක් නෙමෙයි, ඒ නිසා එය ඉතාමත් අසීරුයි. මෙවැනි තත්වයක් අපි මින් පෙර කවදාවත් අත්විදලා නැහැ." "මේ ගත වෙන් ගෝලීය වසංගතයකින් වසර දෙකකට පසු කාලයයි. ව්‍යාපාර සදහා තවත් අයෙකු වෙත ප්‍රදානයක් සිදුකරන්නට තරම් හැකියාවක් තවදුරටත් නත. අද වනවිට අරමුදල් ප්‍රවාහය නැවතිලා, ඒවුණත් ප්‍රදාන අවශ්‍ය පිරිස් තවමත් සමාජයේ ඉන්නවා, ඔවුන්ට සහයෝගය ලැබෙන ක්‍රමවේදයකුයි නැත්තේ .” ඇය වැඩිදුරටත් පවසා සිටියි.

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට බ්‍රිතාන්‍ය තුළ මෙම ආහාර බැංකු වලින් යැපීම ස ඳහා බලාපොරොත්තු තබා සිටින පිරිසද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙලෙස ආහාර බැංකුවල ද්‍රව්‍ය හිගවීම සම්බන්ධයෙන් අදහස් දක්වන කඩසාප්පු හිමියෙකුවන සිගි රාෆික්, වර්තමානයේදී මේ සඳහා ආහාර ප්‍රදානය කිරීම තමන්ටද අසීරු වී ඇති බව පවසයි. ඔහු පුරා වසර 40කට අධික කාලයක් මෙම ආහාර බැංකු සඳහා භාව ප්‍රදානය කළ අයෙකි."මම මගේ අවසන් ප්‍රදානය සිදුකළේ දැනට මාස කිහිපයකට කලින්. ඒත් දැන් එය තවදුරටත් සිදු කරන්න අපට බැහැ. මම ගොඩක් වෙලාවට දුන්නේ සිල්ලර භාණ්ඩ බීම බෝතල්.

ක්‍රිස්පි පැකට් ඇතුළු මගේ කඩේ තියෙන දේවල්. ඒත් දැන් අපි ඒ සියල්ල නැවැත්වූවා. මොකද අපට තවදුරටත් එය සිදුකරන්න බැහැ. එම වියදම් ඉතාමත් තදයි.” එහෙත් තමාට ලබාදිය හැකිව තිබූ දේපවා අද දවසේදී අසරණයන් වෙනුවෙන් ප්‍රදානය කිරිමට නොලැබීම ගැන තමා කනගාටුවට පත්වන බවත් ඔහු සදහන් කරයි.

රාෆික් පවසන ආකාරයට ඔහුගේ කඩසාප්පුව මගින්දද වන සිය දනික වියදම් පිරිමසා ගැනීමටවත් තරම් ආදායමක් ලබා නොදෙයි. විදුලිබල වියදම ඉහළ යාම නිසා සෑම සතියකදීම ඔහුට ස්ටර්ලි පවුම් 500ක විදුලි බිලක් ලැබෙයි. ඔහුගේ කඩයෙන්  වැඩිම විදුලිය වැය වීමක් සිදුවන්නේ ආහාර බහාලූ විශාලම ශීතකරණයටයි.ඒ අනුව මේ වන ඔහුගේ කඩය තුළ මිල අධික භාණ්ඩ සහ පානවර්ග අලෙවිය නවත්වා තිබේ. එසේම දිනකට එය විවෘතකර තැබෙන වේලාවත් සීමාකර ඇතැයි ඔහු පවසයි. ඒ අනුව දැනට වසරකට පෙරාතුව පෙරවරු 7.30 සිට රාත්‍රී 10.30 දක්වා විවෘතව තැබුණු කඩය අද විවෘතව ඇත්තේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00දක්වා පමණකි. බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක ආහාර බයකු 2,200කට වඩා සංඛ්‍යාවක් අතරීන් 1,300ක් පමණ වන, අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පවතින්නේ එරට පාර්ලිමේන්තුව මගින් පාලනය කෙරෙන The Trussel Trust අරමුදල හරහායි. 2000 වසරේදී එහි පළමු වැනි ආහාර බැංකුව  විවෘත කෙරුණු අතර, වසර 2020 වනවිට එම අරමුදලින් බැහැර තවත් ආහාර බැංකු 900ක් ස්ථාපිත කෙරිණි. එක්සත් රාජධානිය තුළ ජනතාව කුසගින්නේ නොතැබීම මෙම ආහාර බැංකුවල අරමුණ වී තිබේ.