බම්බලපිටිය වජිර පාර ඔස්සේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක් වී එය විශාකා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ පෙළක ගැටීම නිසා වාහන 13 කට හානි සිදුව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. මෙම අනතුරෙන් මෝටර් රථ නවයකට, ත්‍රිරෝද රථ දෙකකට හා කැබ් රථයකට හානි සිදුව ඇති බවත්ය. මෙම වාහන විශාකා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් රැගෙන යාමට පැමිණ නවතා තිබූ ඒවා බවද පොලිසිය පවසයි.
ගාලුපාර ඔස්සේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (31) පස්වරු 3.30 ට පමණ වජිර පාර හරහා පැමිණ ඩුප්ලිකේෂන් මාර්ගය දෙසට හැරවීමට උත්සාහ කිරීමේ දී එහි තිරිංග ක්‍රියාත්මක නොවී මීටර් 150ක් පමණ දුරක් ඉදිරියට ධාවනය වී වාහනවල ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් රියැදුරු තුවාල ලබා ඇති අතර, ඊයේ (14) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සිය මෝටර් රථය ඩුප්ලිකේෂන් මාර්ගයට හැරවීමත් සමග එහි තිරිංග අක්‍රිය වී රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවත්, පසුව රථය මාර්ගයේ නවතා තිබූ වාහනවල ගැටුණ බවත් රියැදුරු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ සාමාන්‍ය පෙළ විභාගව අවසන් වී නොමැති නිසා අවට සිසුන් නොමැතිවීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකී ගිය බවද එම අවස්ථාවේ සිසුන් මාර්ගයේ සිටියේ නම් ඔවුන්ගේ ජීවිතවලට පවා හානි වීමට ඉඩ තිබූ බවද පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර සහ මෝටර් රථය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
0 Comments