එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සමාරම්භක යුගයේ ක්‍රීඩක WG ග්‍රේස්ට අදාළව සිදුවූ සිදුවීමක් අගමැති රනිල් සිය කතාවකදී උපුටා කීමෙන් පසු ඊට මහේල ජයවර්ධන පිළිතුරක් සපයා තිබේ.
“සෙනඟ ඇවිත් තියෙන්නේ මම පන්දුවට පහර දෙනවා බලන්න මිසක් ඔයා අම්පයර් කරනවා බලන්න නෙවෙයි”
1876 ක්ලබ් තරගයකදී විනිසුරු විසින් එල්බීඩබ්ලිව් කින් ලකුණු 6කට දැවී ගිය පසු පන්දු යවන්නාට පන්දු යැවීම දිගටම කරන ලෙස WG ග්‍රේස් පැවසූ අතර ඔහුගේ නිර්භීතකම නිසා විනිසුරු ඔහුට ඉදිරියට යාමට ඉඩ දුන්නේය.නොදැවී ලකුණු 400ක් ලබා ගැනීමට සමත් විය.
එය අනුමත කළ හැකි ක්‍රීඩාශීලී ක්‍රියාවක් නොවූවත්, ක්‍රිකට් නීති පොත් සකසමින් තිබුණ යුගයේ ග්‍රේස් පැවසූ දෙයෙහි එතරම් වරදක් නොතිබුණ බව ඒ කාලයේ කියැවුණි. ග්‍රේස්, එකල රටේ උසම හා ජනප්‍රියම ක්‍රීඩකයා විය. වාර්තා රැසකට හිමිකම් කියූ ඔහු තරග 39 කින් 27 ක් එංගලන්ත පිලට ජයග්‍රහණ ගෙන දුන් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පියා යනුවෙන් පසු කලෙක හැඳින්විණි.
ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් ක්‍රීඩක ඩබ්.ජී ග්‍රේස් සම්බන්ධ සිදුවීමක් උපුටා දක්වමින් කතා කළේ
ක්‍රීඩා ලෝලීන් පැමිණ සිටින්නේ ඔබ විනිසුරු ලෙස කටයුතු කරන හැටි බැලීමට නොව, මං ක්‍රීඩා කරන හැටි බැලීමට යැයි විනිසුරුට කී ග්‍රේස් දිගටම ක්‍රීඩා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මේ සිදුවීම පාර්ලිමේන්තුවේ සිහිපත් කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන අපූරු ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඉන් කියවෙන්නේ, අගමැති රනිල් යනු ඩබ්.ජී. ග්‍රේස් වැනි ශ්‍රේෂ්ඨයෙකු නොවන බවයි. එමෙන්ම, දැවී ගිය ක්‍රීඩකයන් වන රනිල් වික්‍රමසිංහ හෝ තවත් එවැනි අසමත් ක්‍රීඩකයන් යළිත් ක්‍රීඩා පිටියේ දැකීමට ලාංකීය ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා නොකරනු ඇති බවද ඔහු කියා තිබේ.
0 Comments