wijedasa-21-amendmend

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගැනීම තවදුරටත් කල්දමා තිබේ.



21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් තවදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී සම්මතකර නොගත් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා දිනයේ නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිතය.



එම දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.