නවදිල්ලි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි ජාත්‍යන්තර මාධ්‍යවේදී, ආකාෂ් හසන් සියල්ල සූදානම් කර බෝඩිං පාස් එකද ලැබුණ පසු විශේෂ රතු නිවේදනයක් මගින් මෙරටට පැමිණීම වළකා ආපසු හරවා යැවූ පුවතක් වාර්තාවේ.
බ්‍රිතාන්‍යයේ පළවන ‘ද ගාඩියන්‘ හි විශේෂාංග රචකයෙකු ලෙස සේවය කරන ආකාෂ් හසන් ඊට අමතරව‘අල්ජසීරා‘,The Intercept, South China Morning Post ආදී පුවත්පත් ගණනාවකට වාර්තා සපයන සම්මාන දිනූ මාධ්‍යවේදියෙකි.
පසුගිය(26) සවස නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 196 දරන ගුවන් යානයට සියල්ල සූදානමින් සිටි අවස්තාවේ එයට ගොඩවීම ඔහුට තහනම් කර තිබේ.
ඒ පිළිබඳව ආකාෂ් හසන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, වතුර පොදක් හෝ නොමැතිව පැය පහක පමණ කාලයක් තමාව ඉන්දීය ගුවන් තොටුපළේ රඳවා තබා ගත් බවත් මෙම තීරණයට හේතු නොදැක්වූ බවත්ය.
ට්විටර් පණිවිඩ මාලාවකින් හසන් චෝදනා කරන්නේ ආගමන නිලධාරීන්, දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය ආවරණය කිරීම සඳහා කොළඹට යාම වැළැක්වීමට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකළ බවයි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ බෝඩිං බලපත්‍රය රැගෙන ආගමන විගමන නිලධාරීන් විසින් පැය පහකට ආසන්න කාලයක් ඔහුව කාමරයක වාඩි කරවූ බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
හසන් නිතිපතා ද ගාඩියන් පුවත්පතට දායක වන අතර ද ඉන්ටර්සෙප්ට්, සවුත් චයිනා මෝනිං පෝස්ට් සහ අල් ජසීරා වැනි කීර්තිමත් මාධ්‍ය ආයතන සඳහා මානව හිමිකම් සහ දේශපාලනය සම්බන්ධ ලිපි ආවරණය කර ඇත. ඔහු මෑතකදී One World Media Awards 2022 අවසාන ලැයිස්තුවට නම් කර ඇති මාධ්‍යවේදියෙකි.
0 Comments