කාන්තාවන්ගේ ලබාගත් සමීප රූප ඔස්සේ අසභ්‍ය දර්ශන ලෙස ඒවා හුවාදක්වා අපයෝජනයට සහ පළිගැනීම් වලට ගොදුරු වූවන් ආරක්ෂා කිරීම නව යෝජනා ද මෙම නීති අරමුණු කර තිබේ. කැමැත්තකින් තොරව ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ කාන්තාවන්ගේ සිරුරුවල ඉහළ පහළ කොටස් ඡායාරූපවලට නැගීම මේ අනුව එංගලන්තයේ සහ වේල්සයේ නීති විරෝධී කිරීම නව නීති වල අරමුණුවේ.
මෙම නීති සම්පාදන යෝජනා සමාලෝචනය කරන එරට නීති කොමිෂන් සභාව,
අනුමැතියකින් තොරව අසභ්‍ය දර්ශන බෙදාගැනීම තහනම් කරන ලෙසද ඉල්ලා සිටී.
මේ වන විට එංගලන්තයේ සහ වේල්සයේ, upskirting or voyeurism වැනි ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකනු ලැබේ, නමුත් කාන්තාවකගේ තනපට හෝ පියයුරු ඡායාරූප ගැනීමේ ක්‍රියාව ආවරණය කිරීම සඳහා නීති තවම නැති අතර නිර්දේශ තවම ක්‍රියාවට නැගෙමින් පවතී.
උතුරු අයර්ලන්තයේ මේ සම්බන්ධ නීති දැඩිය. නීතිය ශක්තිමත් කළ උතුරු අයර්ලන්ත අධිකරණ අමාත්‍ය නයෝමි ලෝන්ග් බීබීසීයට පවසා ඇත්තේ “අනවසරයෙන් කාන්තා අඟපසඟ ඡායාරූප වීඩියෝ ගැනීම හා සයිබර් අවකාශයට මුදාහිරීම සඳහා නව වැරදි නිර්මාණය කර ඇති අතර එහිදී වරදකරුවන්ට උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් ලැබෙනු ඇත. මෙම නව ප්‍රතිපාදන උතුරු අයර්ලන්තයේ වැඩි ආරක්ෂාවක් සපයනු ඇති අතර එය වින්දිතයින්ට සැබෑ, ප්රත්යක්ෂ සහ ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරමි," යනුවෙනි.
ස්කොට්ලන්තයේද 2010 සිට මීට අදාළ නීති සංශෝධනය කර ඇත.
ඡායාරූප අපයෝජනයට ගොදුරු වූ බොහෝ දෙනෙක් එම අත්දැකීම කෙතරම් දුක්ඛිතද යන්න විස්තර කර ඇත.
2015 දී සිහිසුන්ව සිටියදී හෝටල් කාමරයක් තුළ නිරුවතින් රූගත කරන ලද එමිලි හන්ට්, තම අපරාධකරු නීතිය හමුවට පමුණුවන ලෙස වසර පහක් පුරා සටනක නිරත විය.
"එය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා," ඇය පැවසුවාය.
ෆොලාමි ප්රෙහායේ ඇගේ හිටපු සහකරු තෝමස් සැමුවෙල් විසින් ඇයගේ පැහැදිලි පින්තූර අන්තර්ජාලයට මුදා හරිනු ලැබීම නිසා පළිගැනීමේ කාමුක සිදුවීම් වලට ගොදුරු විය.
ඔහු ඇගේ මිතුරන්, පවුලේ අය සහ නාඳුනන අය සමඟ පින්තූර බෙදා ගත් අතර, හිරිහැර කිරීම සහ අසභ්‍ය පින්තූර බෙදා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරුවීම නිසා මාස හයක අත්හිටවූ සිරදඬුවමක් ලබා දුන්නේය.
නව නීති පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් උනන්දුවී ඇත්තේ මෙවැනි සිදුවීම් රැසකින් පසුවය.
(බීබීසී ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments