අල්ජසීරා මාධ්‍යවේදිනී ශිරින් අබු අක්ලෙහ් ඝාතනය කිරීම සඳහා එල්ල කෙරුණු වෙඩි උණ්ඩය වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාරදීමට පලස්තීන බලධාරීන් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඇමෙරිකානු වෝහාරික විශේෂඥයන් ඒ පිළිබඳව ඉදිරියේදී විශේෂණයක් සිදු කරමින් එම වෙඩි උණ්ඩයේ අයිතිකරුවන් කවුරුද යන්න අනාවරණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.පලස්තීන - ඇමෙරිකානු මාධ්‍යවේදිනියක වන 51 හැවිරිදි අබු අක්ලෙහ් පසුගිය මැයි මාසයේ බටහිර ඉවුරේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වූවාය. එම අවස්ථාවේදී ඇය එහි පිහිටි සරණාගත කඳවුරක් තුළ ඊශ්‍රායල සෙබළුන් සිදුකළ හමුදා මෙහෙයුමක් ආවරණය කරමින් සිට ඇත.
එහිදී ඇයට ඊශ්‍රායල හමුදාවන්ගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට ඇය අසල සිටි තවත් පලස්තීන මාධ්‍යවේදියෙකු කටඋත්තර ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම මරණයෙන් පසුව අදහස් දක්වා සිටි ඊශ්‍රායල හමුදාව, එම අවස්ථාවේදී පලස්තීන වෙඩික්කරුවන් සහ ඊශ්‍රායල හමුදාවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවට ඇය ලක් වූ බව පවසා තිබේ. මේ තත්ත්වයත් සමගින්ම මෙම සිදුවීම පිළිබඳව පවතින සාක්ෂි අනුව වෙඩි උණ්ඩය පිළිබඳව විශේෂණය කිරීමට කටයුතු යෙදිය යුතු බවත් ඒ සඳහා ඇයට වැදුණු වෙඩි උණ්ඩය පරීක්ෂණ සඳහා ලබා දිය යුතු බවත් සඳහන් කර තිබුණි.ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින මතභේඳකාර් තත්ත්වය සමතයකට පත් කරගැනීම මෙම වෝහාරික පරික්ෂණයේ මූලික අරමුණ වී තිබේ.
0 Comments