basil-flee-attempt-blocled

විදෙස්ගත වීමට උත්සාහ කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවසර නොදෙමින් ආගමන විගමන නිලධාරීන් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ වර්ජනයක් ආරම්භ කර ඇත.

ගුවන් තොතොටුපොළ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් මෙලෙස ආරම්භ කළ වර්ජනය හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ආපසු හැරී යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානාවෙන් කොළඹ සිට ඩුබායි දක්වාත් අනතුරුව වොසින්ටනය බලා දෙවනුවත් ඔහු  ඔහු පිටත්ව යන බවට සංසරණය වූ එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ටිකට් පතක ඡායාරූපයක් ද හෙලිදරව් වී තිබුණි.



මෙම ගුවන් යානය අද අළුයම 3.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව
යාමට නියමිතව තිබු අතර  අනතුරුව ඩුබායි සිට එරට වේලාවෙන් අළුයම 02:25ට වොෂින්ටන් බලා පිටත් වන ඊ.කේ 231 ගුවන් යානයෙන් ඔහු
ඇමරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

බැසිල් යන ආරංචිය නිසා ගුවන් තොටුපොළ සිල්ක් රූට් නිෂ්කාශන (silk route) රාජකාරිවලින් ඉවත් වීමට ආගමන විගමන බලධාරීන් තීරණය කර ඇත.

කටුනායක ගුවන් තොටුපළ නිලප වාර්තා කරුවන් පවසන්නේ   ඩුබායි බලා පිටත් වූ එමිරේට්ස් ගුවන් යානයේ යාමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණ සිටියේ නැති බවයි.
නමුත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තයේ සිටින බවට පැවසෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන අතර අද ලබාගත්ඒවාද යන්න පැහැදිලි නැත.