ප්‍රභූවරුන් කිහිප දෙනකු මත්තල ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) අනුයුක්ත ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයසේවාවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.
මත්තල ගුවන්තොට භාවිත කරමින් බැසිල් හා ගෝඨාභය ජෙට් යානයකින් පිටවන බවට පැතිර ගිය ආරංචිය සමග මෙම සිදුවීම වාර්තාවේ. මින් ඉහත ඊයේ කටුනායක ගුවන් තොටුපලේදීද මෙවැනි සිදුවීමක් සිදුවූ අතර බැසිල් ආගමන විගමන නිලධාරීන් සමග වාද කර පසුව පිටව ගියේය.
චීනයේ සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් වන ‘සවුත් චයිනා මෝර්නිං‘ අද (12) දහවල් පළ කළ වාර්තාවකට අනුව මේ රාජපක්ෂවරුන් රටින් පලායන්නට ඊයේ පෙරේදා සිට ගත් 5 වන උත්සාහයයි.
ජනපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීම සමග අත්අඩංගුවට පත්වීම හා නඩු පැවරිය නොහැකි ජනපති මුක්තිය අහිමිවන නිසා රාජපක්ෂවරුන් පළායන්නට උත්සාහ කරන බව එම වාර්තාවේ දැක්වේ.
රඳවා තබා ගැනීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර ඔහුට විදේශගත වීමට දැඩි උවමනාවක් ඇතැයිද වාර්තා කර තිබේ.
ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා හැකිව තිබූ ගුවන් යානා හතරක් මගහැරීමෙන් පසු ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට යාබද හමුදා කඳවුරක රාත්‍රිය ගත කළ බවද වාර්තා කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රාජපක්ෂගේ බාල සොහොයුරා වන බැසිල්ට ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සමඟ ඇති වූ එවැනිම ගැටුමකින් පසු අඟහරුවාදා අලුයම ඩුබායි වෙත ඔහුගේම එමිරේට්ස් ගුවන් යානය මඟ හැරුණි.
එක්සත් ජනපද ද්විත්ව පුරවැසියෙකු වන බැසිල්ට සෙනසුරාදා කඩිමුඩියේ පසුබැස යද්දී ඔහු එතෙක් රැඳී සිටි බව කියන ජනාධිපති මන්දිරයේ අමතකව දමා ගොස් තිබූ නිසා නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමටද සිදු වූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ඇසුරින් සවුත් චයිනා මෝර්නිං හෙලි කරයි.
මොවුන්ට තවමත් විවෘතව ඇති එක් විකල්පයක් වනුයේ නාවික යාත්‍රාවක් ඔස්සේ ඉන්දියාවට හෝ මාලදිවයිනට ගෙන යාම බව ආරක්ෂක ආරංචි මාර්ග පවසා තිබේ.
0 Comments