The-little-daughter-was-also-killed-on-the-4th-of-the-burnt-Kahathuduwa-house

පසුගිය 25 වනදා කහතුඩුව මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් නිසා පියා හා මව මියගොස් පසුව වැඩිමල් දියණියද මියගිය අතර ඉතිරිව සිටියේ රිජ්වේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පවුලේ බාල 6 හැවිරිදි දියණියයි.
කහතුඩුව පොලිස් ආරංචි පවසන්නේ අවසන් වරට ඉතිරිව සිටි ඇයද මියගොස් ඇති බවයි.
රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණිය මෙලෙස මියගියාය.
 ඉකුත් 25 දා රාත්‍රී 8.30 පමණ මාගම්මන දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ සිදු වූ අතර පොලිසිය සැක කලේ පෙට්‍රල් ගබඩා කරන ලද තැනකින් පිපිරුමක් සිදුවී ගින්න ඇතිවන්නට ඇති බවය.
එම නිවසේ ගින්නට හසු නොවී සිටියේ වෙනත් කාමරයක නිදාසිටි මිත්තණිය පමණි.
මෙම ගින්නෙන් 42 හැවිරිදි ලසන්ත බුද්ධික (පියා) 38 හැවිරිදි නාලිකා දේවී (මව) සහ 19 හැවිරිදි කාවින්දි රණසිංහ (වැඩිමල් දියණිය) මිය ගොස් තිබූ අතර ඔවුන්ගේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඉකුත් දා දියගම මල් ශාලාවකදී පැවැත්වුණි .
තුවාල ලැබූ සය හැවිරිදි දියණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.