
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර ජපානයේදී පැවති දේශපාලන රැස්වීමක් අතරතුර සිකුරාදා (8) උදෑසන වෙඩි වැදී රෝහල් ගත කර තිබේ.67 හැවිරිදි හිටපු ලෝක නායකයා රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවන අතර තත්වය අවිනිශ්චිත බව දන්වා ඇත.
ජපාන මාධ්‍ය ආයතනයක් වන ක්යෝඩෝ පැවසුවේ හිටපු ලෝක නායකයා සිහිසුන්ව සිටින බවත් හෘද ශ්වසන අඩාල වී ඇති බවත්ය.
ජපානයේ NHK වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි. ඔහු 40 හැවිරිදි අයර්ලන්ත ජාතිකයෙකු බවටද වාර්තා පළවේ.
ජපානයේ හිටපු අගමැති අබේ බටහිර ජපානයේ නාරා නගරයේ මේ දිනවල පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක දේශනයක් අතරතුර මෙම වෙඩි පහරට ලක්විය. NHK වෙත සිද්ධිය දුටු අයෙකු පවසා ඇත්තේ වෙඩි හඬක් වැනි යමක් ඇසුණු බවත් අබේ ලේ ගලමින් ඇද වැටුණ බවත්ය.
මෙම සිදුවීම ජපන් වේලාවෙන් සිකුරාදා පෙරවරු 11.30 ට (ශ්‍රීලංකා වේලාවෙන් පෙ.ව. 8.29 ) සිදු විය. එම ස්ථානයේ සිටි එන්එච්කේ වාර්තාකරු පැවසුවේ අබේගේ කතාව අතරතුර ඔවුන්ට පිට පිට පිපිරුම් දෙකක් ඇසුණ බවයි.
දේශපාලන පවුලකින් පැවත එන අබේ, නිදන්ගත රෝගාබාධයක් මතුවීමෙන් පසු ඉල්ලා අස්වීමේ තීරණය ප්‍රකාශයට පත්කර ධූරයෙන් ඉවතට ගිය අයෙකි. ජපානයේ අඛණ්ඩව වැඩිම කලක් බලයේ සිටි දීර්ඝතම අගමැති ලෙස වාර්තා තැබුවේය.
ජපානයේ මෙවැනි සිදුවීම් විරල වීම නිසා මිනිසුන් “ව්‍යාකූල” සහ “අවිශ්වාස” වී නොසන්සුන්ව සිටින බවත් රූපවාහිනිය වෙත යොමුවී සිදුවන දේ සොයමින් සිටින බවත් අල්ජසීරා වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval