borris-johnson-resigned

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම  බ්‍රහස්පතින්දා ඩවුනිං වීදියේ ඔහුගේ නිල නිවස ඉදිරිපිට සිට නිවේදනය කලේය.


 අමාත්‍යවරුන් රාශියක් ඔහුගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වී ඔහුට ඉවත්ව යන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව ඔහු මෙලෙස ඉල්ලා අස්වූ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරුන් අතර වැඩියෙන්ම ‘බලයට කෑදර‘ අගමැතිවරයා ලෙස එම ක්‍රියාව විවේචනයට ලක් විය.



ඔහුගේ කාර්යාලයෙන් පිටතදී අංක. 10 ලන්ඩනයේ ඩව්නිං වීදියේදී ජොන්සන් පැවසුවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා එකඟ වන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබරයේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තුරු රැඳිසිට ඉන්පසු අගමැති ධුරයෙන් ඉවත් වීම සිදුවනු ඇති බවයි. "නව නායකයෙකු පත්වන තුරු" තමන් සමඟ එක්ව කටයුතු කරන නව අමාත්‍ය මණ්ඩලයක් තමන් පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

"ලෝකයේ හොඳම රැකියාව අත්හැරීමට සිදුවීම ගැන මා කොතරම් දුක් වෙනවාද..ඒත් ඒවා තමයි ඇතැම්විට ජීවිතයේ විරාම.."ඔහු කණගාටුවෙන් පැවසීය.

විපක්ෂ කම්කරු පක්ෂයේ නායකවරයා කියා සිටියේ: "බොරිස් ජොන්සන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම රටට ශුභ ආරංචියක්. නමුත් එය බොහෝ කලකට පෙර සිදු විය යුතුව තිබුණක් ලෙසිනි.
ඔහු තනතුරින් ඉවත්ව යන්නේ නොයෙකුත් අපවාද හා අයුතු හැසිරීම් රැසක චූදිතයෙකු වීමෙන් පසුය.

සම්බන්ධිත පෙර වාර්තාව
යාළුවාගේ ලිංගික අපයෝජනය හා ලොක්ඩවුන් පාටිය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට තනතුර අහිමිවන ලකුණු