braed-price-190


අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් 20කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 




පාන් ගෙඩියක නව මිල වන්නේ රුපියල් 190 කි. පසුගිය මැයි 19 වනදා මිල ඉහළ දැමීමෙන් පසු මාස එකහමාරක් තුළනැවත මෙම ඉහළ දැමීම සිදු කර තිබේ.
අධික ඉන්ධන හිඟය හා නිෂ්පාදන වියදම අධිකවීම මත මෙම තීරණය ලබාගත් බවද ඔවුන් දන්වා ඇත.