cardinal-letter

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.



ඉන්පසු ජනතාව පතන ව්‍යූහාත්මක දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බව කී අගරදගුරුතුමෝ එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බව ද පැවසූහ.


රට වැටී ඇති ඛේදනීය තත්ත්වයට වගකීම භාරගෙන, තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර, තම තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලීමක් කරති.



රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘභූමිය මින් පෙර කිසිකලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.