ceb-bill-sms-app

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරන බව  ලංකා විදුලිබල මණ්ඩල වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා දන්වා සිටියි. ඒ අනුව අවශ්‍ය අයට පමණක් සුපිරි වෙළෙඳසල්වල නිකුත්කරන ආකාරයේ මුද්‍රිත තුණ්ඩු (thermal printed bills) නිකුත් කරන බවත් සියලුදෙනාට  SMS හා ඇප් එකින් නිකුත් කරන බවත් දන්වා තිබේ.


කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

CEBCare ජංගම දුරකථන යෙදුම - CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

මෙම නව ක්‍රමවේදය පැහැදිලි කරන ලංවිම නිල නිවේදනය පහතින්